
(චාපා මධුභාෂිණි)
කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන සිදු කිරීමට රජය හදුන්වා දුන්නත් එම පොහොර යෙදීම සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය දැනුම ලබා නොදුන් බව මැදිරිගිරියේ ගොවීහු චෝදනා කරති.
කාබනික වගාව වසර ගණනාවක සිට ක්‍රියාත්මක කිරීමට උත්තහ ගත්ත ද මේවනතුරුත් ඒය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඒහෙත් මෙවර මාස් කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් සියළු වගාවන් කිරීම ආරම්භ කළහ.
සියළු ජාලාශයන්ගෙන් ජලය නිකුත් කර දින ගණාවක් ගත වුවත් මේවන තුරුත් ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා නොදීමෙන් තමන් අතරමංව සිටින බව ද ගොවීහු චෝදනා කරති.
එම දැනුම නොමැති නිසා ඇතැම් ගොවීන් විවිධ වර්ගයේ පොහොරවර්ග මිලට ගෙන තම වගාවන්ට යෙදීමට ඇතැමි ගොවීහු පෙළඹ සිටිති.
මේ කන්යේ මේ කියන කාබනික වගාවට ගොවියා නිසිආකාරව අවතීර්ණ වුනොත් ලබන කන්නයේ 75% ක් වත් මේක සාර්ථක ගත හැකි බව ද ඔවුහු අනුමාන කරති.
මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළධාරී යූ.ජි.සී.ජි උඩගමගේ මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කිය.
ගොවීන් විවිධ පොහොර වර්ග අපේ අලෙවිසැලෙනුත් රැගෙන යනවා. හැබැයි ඒ්වා කව්රුත් නිර්දේශ කරපුවා නෙවේ. පොල්වලට තියෙන පොහොරත් වී ගොවිතැනට අරගෙන යනවා. කොම්පෝස්ට් ගන්න ගොවියට මුදල් රජයෙන් ලබා දීලා තියෙනවා. ඊට අමතර පොහොර සහනාධාර වශයෙන් බෙදා දෙනවා. ගොඩක් අය දැනුවත් නොකලා කියලා චෝදනා කරනවා.
ලබන සතියේ දියර පොහොර බෙදා දීමේදී සියළුම ගොවි මහතුන්ට ආරමභයේ සිට අස්වනු නෙලීම දක්වා පොහොර යෙදීමේ පිළිවෙළ ගැන සටහන කරන ලද අත්පත්‍රිකාවක් බෙදන්න කටයුතු කරනවා.
අපිට පොඩි ගැටළුවක් තියෙනවා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මේ තියෙන නිර්දේශය වරින්වර සංශෝදනය කරනවා. අත්පත්‍රිකාව බෙදන්න ප්‍රමාද වීමට ඒ්කත් බලපෑවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර කතාවක්නේ. කෘෂිකාර්මික රටක් ලෙස ලෝකෙම දන්නවා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය වාරිමාර්ග, වැව් ලක්ෂ ගණනක් තිබෙන රටේ ගොවිතැනට පොහොර දමන හැටි ගොයියන්ට කියලා දෙන්න වෙලා. ඇයි නුඹලගේ සීයලාගෙන් අහගනිල්ලා කෝ...
අක්කරයකට ටොන් ගණනක් කොම්පෝස්ට් දාලා කන්න දෙකක් වගා කළොත් අස්වනු පාඩුව කෙසේ වෙතත් ලේසියෙන්ම මඩ ඉඩම් ටික ගොඩ කරගන්න පුළුවන්...
රට විනාශ කරනවාට දේශපාලකයින්ට පමණක් දොස් කියලා හරි යන්නේ නෑ. ඇත්තෙන්ම අවංක රාජ්‍ය නිලධාරීන් නිසා මහඟු සේවයක් සිදුවන නමුත් සමහර රාජ්‍ය සේවකයින් රටට සහ වැටුපට කළ යුතු සේවය ගැන තැකීමක් නැහැ. කෘෂි නිලධාරීන් කියලා කණ්ඩායමක් සහ සංවර්ධන නිලධාරීන් කියලා කණ්ඩායමක් යනුවෙන් රජයේ වැටුප් ලබන උගත් මිනිසුන්ට බැරිද මේ දැන උගත්කමක් නැති ඇමතිවරු දැනුවත් කර තමන්ගෙන් විය යුතු හරි සේවාව දෙන්න... මොකද කිව්වොත් ජනතාවගේ වැටීම මුළු රටේම වැටීම වෙන්න ඉතා ආසන්නයි...
මේ කතාව ඇත්ත, ගොවි නියාමකලාගෙන් කිසිම සහයක්, දැනුමක් ගොවීන්ට ලැබෙන්නේ නැහැ. ඒ ගැන රජයේ වැඩපිළිවෙලක් පෙනෙන්න නැහැ... ගියපාර කුඹුරුවල අස්වැන්න නැතිම වුණා.. මේ පාර ගොවීන්ට හරි දැනුම් දීමක්, පොහොර යෙදවීම ගැන දැනුවත් කිරීමක් කිසිම රජයේ ආයතනයකින් ලැබුනේ නැහැ. දියර පොහොර බෙදනවා කීවත් ඒවා යොදාගන්නේ කොහොමද? කොයි කාලෙකටද කියලා ගොවි නියාමකලා දන්නෙත් නැහැ මගෙ හිතේ...
කොහෙද ඉතින්..., ආරංචියි ගොවිජන සේවා නිලධාරීන්ට ක්ෂේත්‍ර ගමන් සඳහා අත්‍යාවශ්‍ය වාහන, ඉන්ධන අඩුවෙන්, සීමා සහිතව නිකුත් කරනවා කියලා... හරියට උණ්ඩ නැතිව සොල්දාදුවන් යුද්ධයකට ඇරියා වගේ... හැබැයි අට පාස් අයට නම් සීමාවල් තියෙන්නේ සමහරුන්ගේ බිරින්දෑවරුන්ගෙන් විතරයි.
මම අද පොහොර ප්‍රශ්නේ අපේ ගොවිජන කාර්යාලයෙන් විමසුවා... මෙතෙක් අපිට මුදල් නැත්තේ ඇයි කියලා ලැබුණු මුදල් දුන්නලු. දියර පොහොර දෙන දිනක් කියන්න බැරිලු. ඇත්තටම වපුරා ඇති කුඹුරුවල ගොයම් පෝර දෙනතුරු ඉවසා නොසිටීවි. කලට වේලාවට පොහොර නොඑවන වැඩ පරක්කු අප්පුලා කවුරුන්ද? ඇමතිවරයා බුදිද?.
කණගාටු වෙන්න එපා... රජයෙන් පවා පෝර ගෙන්නන්නේ නැහැ.