IMG-LOGO

කාබනික පොහොර රාජ්‍ය ආයතනවලට නොමිලේ

(ජේ.කේ.එල් චාමින්ද)

රත්ගම මොන්රෝවියා වත්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිපදවන කාබනික පොහොර රාජ්‍ය ආයතන වෙත තොග වශයෙන් නොමිලේ ලබාදිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ විශේෂ අනුමැතිය හිමිවි ඇති බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පවසයි.

රත්ගම මොන්රෝවියා වත්ත ඝන අපද්‍රව්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයේ ටොන් 50 කට අධික කාබනික පොහොර තොග වශයෙන් තිබෙන බව පවසන පළාත් පාලන කොමසාරිස්වරයා දිනකට කාබනික පොහොර ටොන් 08ක් මෙහි නිපදවන බවද පවසයි.

ඉදිරියේදි රට තුල ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුම් ලෙස ගෙවතු වගා කටයුතු සදහා අවශ්‍ය කාබනික පොහොර ලබා දීමට පළාත් පාලන දෙපාර්තමේන්තුවටත් පලාත් පාලන ආයතනවලටත් යම් හැකියාවක් තිබෙන බවද පළාත් පාලන කොමසාරිස්වරයා සදහන් කළේය.

දැනටමත් නියාගම ප්‍රාදේශිය ලේකම් චිතුර මිහිදුම් මහතා විසින් අනාගත අභියෝගය අවබෝධ කරගෙන කාබනික පොහොර ටොන් 5 ක් පමණ රැගෙන ගිය බව හෙතෙම පවසයි.

පුද්ගලික අවශ්‍ය අය සදහා කිලෝවක් රුපියල් 08ක සහන මුදලකට මෙම ස්ථානයට පැමිණ රැගෙන යා හැකි බවද පළාත් පාලන කොමසාරිස්වරයා සදහන් කළේය.



අදහස් (4)

කාබනික පොහොර රාජ්‍ය ආයතනවලට නොමිලේ

මුණසිංහ Friday, 03 April 2020 01:21 AM

මෙම පෙහොර අඩු මිලකට වෙළද පොලට නිකුත් කරන්න. පාසල් වල වගා කටයුතු වලටත් නොමිලේ ලබා දෙන්න. රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරින්ටත් අවම මිලකට හෝ නොමිලේම දෙන්න. කාබනික පොහොර ජනතාව අතර ජනප්‍රිය කිරීමට ක්‍රමවත් වැඩ පිලිවෙලක් යොදන්න.

:       0       0

manathungaFriday, 03 April 2020 09:34 PM

ඕවා ශරීරයට අහිතකර නැතිද...?

:       0       0

අනුර Friday, 03 April 2020 02:24 AM

ප්‍රදේශයේ සෑම නිවෙසකටම පොහොර කිලෝ 10 එම ප්‍රදේශයට සුදුසු එළවළු බීජයි බෙදා දීමට ප්‍රාදේශීය කෘෂිකර්ම අධ්‍යක්ෂ හරහා වැඩපිලිවෙලක් යොදන්න.

:       0       1

Major Indika Friday, 03 April 2020 05:06 AM

මේක ඉතා හොඳ වැඩසටහනක්.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site