
පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය අනතුරු අඟවයි.
කාර්මික විප්ලවයෙන් පසු පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම සියයට 50 කින් ඉහළ ගොස් ඇති බවත්, කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩිම අගයක් පෙන්නුම් කළේ පසුගිය ජූනි 3 වැනිදා බවත් ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
කාබන් ඩයොක්සයිඩ් ගෝලීය උණුසුම ඉහළ දැමීමට ද බලපායි.
ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම මැනීම සිදු කරන්නේ හවායි හි මෝනා ලෝවා කන්දේ පිහිටුවා ඇති කාලගුණ මධ්‍යස්ථානයෙනක් ලබා ගන්නා දත්ත පාදක කර ගනිමිනි. මෝනා ලෝවා යනු අක්‍රිය ගිනි කන්දකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd