(උපාලි ආනන්ද සහ හේමන්ත රණසූරිය)
වල්අලි ප්‍රහාරයකින් ගොවියකු මිය යාමෙන් පසුව සිදු වූ විරෝධතාවක් අතර තුර කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුලු පොලිස් නිලධාරීන්ට පොලූ මුගුරුවලින් පහරදී එක් පොලිස් සැරයන්වරයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින විහාරාධිපති හිමි ඇතුලු සැකකරුවන් 19 දෙනා ලබන 24 තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් අයි ජී රත්නායක මහතා තවදුරටත් නියෝග කරනු ලැබීය
COMMENTS