
(අයි ආර් ඉනදික)
වැල්ලවාය තණමල්විල මාර්ගයේ යාලබෝව ශෙල්ලබාව හංදිය ආසන්නයේ කැබි රථයක් හා ත්‍රි රෝද රථයක් මුහුණට මුහුණ ගැටි සිදුවු රිය අනතුරින් තණමල්වල පොලිස්ථානයේ සේවය කල පොලිස් සැරයන්වරයකු ඔහුගේ බිරිඳ හා සැරයන්වරයාගෙ පියා මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
තණමලවිල දිසාවේ සිට වැල්ලවාය දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු කැබි රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදුවි තිබේ.
අනතුරත් සමග කැබි රථයේ ගැටුණූ ත්‍රි රෝද රථය මිටර් 30ක් පමණ දුරක ඇදි ගෙස් ඇති අතර එම ස්ථානයේදිම ත්‍රි රෝදය පැදවු පොලිස් සැරයන්වරයා හා ඔහුගේ පියා මියගොස් තිබේ.
බරපතල තුවා ලැබු සැරයන්වරයාගේ බිරිඳ රෝහල් ගත කිරිමෙන් පසුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය පරගස්මංකඩ ලිපිනයේ පදිංචි ආර් එම් චන්ද්‍රරතන (44) ආර් එම් ඇක්මන් රත්නායක(65)එච් කේ දිල්කා රත්නායක(43) යන තිදෙනාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ රටේ පාලනයක් ? මෙහෙම අසමජ්ජාති පාලනයක් ලෝකේ කොහෙවත් නැහැ.. රටක නීතියක් විනයක් නැති අමනයින්ගේ පාලනයක් කී දෙනෙක් මරාදමනවද දවසකට මේ විදිහට...? මහා උන්ට ප්‍රශ්නයක් නැහැ උන්ගේ පවුල් වල උන්ට සහ උන්ගේ සනුහරේ යනකොට ඉදිරියෙන් අපේ ධනයෙන් නඩත්තු වෙන හමුදාව දාගෙන උන්ට පාර clear කරලා දෙනවා ඒ නිසා කවුරු මලත් වගේ වගක් නැහැ.. මෙහෙම රටක්ද ඕනේ...? රෝහලක බෙහෙතක් නැහැ මේවගේ වියසනයකදී රෝහල් වල පහසුකම් තියෙනවද.. වයිද්ය වරු නැහැ කාර්‍ය මණ්ඩලයක් නැහැ එහෙම රටක ජනතාව වගේ සමාජ ආරක්ෂාව කෝ.. තොපි සමාජ ආරක්ෂණ බද්දක් ගන්නවා නේද..?
මගේ අදහස ත්‍රිවිල් කියන්නේ ඉතාමත් අනාරක්ෂිත වාහනයක්. ඔය වාහන වල ගමන් බිමන් යාම හොදම නැහැ. ඕවා ගන්න මූදලටම වඩා හොද අරක්ෂිත වාහන ගන්න තියෙනවා දැන් වෙළද පොලේ.....