
(රෝෂන් තුෂාර)
සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයින් ග්‍රාම සේවා සහතික ලබාගත් ග්‍රාම නිලධාරීවරයාගේ දුරකථන දත්ත විස්තර වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා කෙසෙල්වත්ත පොලිසියට අද (13)නියෝග කළේය.
සහතික නිකුත් කළ ග්‍රාම නිලධාරීවරයා මාස පහක් ඇතුළත සැකකරුවන්ට ග්‍රාම නිලධාරී සහතික 17 ක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ලබාදීම තුළ යම් සැක කටයුතු කරුණක් ඉස්මතු වන බැවින් ජනවාරි මාසයේ සිට මේ දක්වා ග්‍රාම නිලධාරීවරයාට ලැබුණු හා ලබාගත් දුරකථන දත්ත පිළිබඳව වාර්තාවක් කැඳවීමට අවසර ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
ව්‍යාජ ඇපකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ යැයි කියන අරවින්ද සිල්වා මහතාගේ නිවසේ මෙහෙකරු පෙරුමාල් ගනේෂ් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd