
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ කපුටන් දෙසිය විසි පස් දෙනාගෙන් එක් කපුටකුවීම ගැන තමා ලජ්ජා වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
මේ වෙලාවේ ඡන්දයකට ගියොත් 225ක් දෙනාටම හම්බ වෙන්නේ ඡන්ද නොව ගුටි යැයිද ඔහු කීවේය.
ජනතාවට ඩීල් දේශපාලනය තිත්ත වී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා අද දේශපාලනය මෙන්ම ව්‍යාපාර ලෝකයද ඩීල්වලින් පිරුණු එකක් බව ප්‍රකාශ කළේය.
රණසිංහ මහතා මෙසේ පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු වාර්තාව පිළිබඳ විවාදයේදීය.
ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු කෝටිපතියන් වුණේ රාජ්‍ය දේපළ කොල්ල කෑමෙන් යැයිද ඔහු කීවේය.
ඒ ව්‍යාපාරිකයන්ගේ නම් පවා හෙළි කිරීමට සූදානම් බව පැවසූ රණසිංහ මහතා ඉන් සමහරුන් පාර්ලිමේන්තුවට රිංගා රට විනාශ කිරීමට උත්සහ දරන බව ද කීවේය.
රට ඉල්ලන්නේ කුමක් දැයි ආණ්ඩුව වගේම විපක්ෂයද අවබෝධ කරගෙන නැතැයි ඔහු පැවසුවේය.
ආණ්ඩුව අසාර්ථක බව අද පැහැදිලිව පෙනෙන්නේ යැයිද කල් මැරීමෙන් සිදුවන්නේ රට ආගාධයට යෑම පමණක් යැයිද රොෂාන් රණසිංහ මහතා පැවසීය.
රටේ ප්රශ්නය විසඳිය හැකි අයෙකු සිටී නම් මන්ත්‍රී ධුරය පවා පරිත්‍යාග කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පණ තිබෙනවා නම් පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න...
දැන්නම් තේරිලා වගේ...!
කපුටා ළඟ ඉන්න හින්දා කපුටෙක් වගේ පේන්නේ...!