(නිමන්ති රණසිංහ)
“කපුටු කාක්” හඬින් සිය වාහනයේ නලාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා අද (14) නියෝග කළේය.
යමෙකු රථවාහන වරදක් ලෙස එවැනි වරදක් සිදුකළා නම් එම ස්ථානයේදීම ස්ථානීය දඩයක් නිම කිරීමේ හැකියාවක් පොලීසියට ඇති හෙයින් එසේ නොකර අධිකරණයට කරුණු කියමින් නීතිය අවභාවිත නොකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කොටුව පොලීසියට අවවාද කරමින් එම නිතීඥවරයා මුදා හැරියේය.
අධිකරණයෙන් මෙලෙස මුදා හැරියේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ සංගමයේ සාමාජිකයකු වන නිතීඥ දුෂ්මන්ත වීරරත්න මහතාය.
අනවශ්‍ය ලෙස නලාව නාද කිරීමේ චෝදනාව මත කොටුව පොලීසිය අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කරමින් මෙම නිතීඥවරයාට දැනුම් දී තිබුණේ ඉකුත් ජුලි මස 09 වැනිදා කොළඹ කොටුව ප්‍රදේශයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd