(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම කාරක සභා රැස්වීම යන අතරේදී කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඊයේ(15) පෙරවරුවේ ඇතිවිය.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපති වරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජිත් බණ්ඩාර යනු බොරු කාරයෙකි .කරුණාකර ඔය වැඩේ චරිත හේරත් ට භාර දෙන්න
එයාගේ බැංකු ගිණුම් ටිකක් හොයලා බැලුවා නම් වැඩේ අහුවෙයි...!
කළින් හාමුදුරුවොත් ඔය වගේ තමයි...!
ක්‍රිකට් මණ්ඩලය ඉවත් නොවී මේ තරම් හයිකාරකම් පෙන්වන්නේ රනිල් ගේ රජයේ support එක තිබෙන නිසයි.
ඇත්තටම මේ කෝප් කමිටුවක් කියලා කරන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕනෑ. මමත් දැකපු විදියට සභාපති මුලින් මහා සද්දයක් දානවා. ඊට පස්සේ ඔන්න එක ඒක ප්‍රශ්න අහනවා. ඔන්න දැන් හොරකමේ කොටසක් හරි එළියට එනවා. සමහර ඒවා මිලියන ගණන් වංචා බව හොඳට පේනවා, අපි බලන් ඉන්නවා ඒ අයට නඩු දාන තැනට එයි කියලා. සමහර නිලධාරීන්ට කට උත්තරවත් නැතුව තක්කු මුක්කු වෙලා බලන් ඉන්නවා. මොන පිස්සුද ඒවා එහෙමම දෙගොල්ලන් මුහුනෙන් මුහුණ බලන් ඉඳලා ෆයිල් වැහෙනවා. එහෙම නැත්නම් කියනවා මිට පස්සේවත් ඔය වැඩේ හරියට කරන්න වැඩ පිළිවෙලක් කරන්න කියලා කියනවා. හරියට අර ගෝඨාභය ඒ දවස්වල මිටින් කෝල් කරලා නිලධාරීන්ට කිව්වා වගේ. හොරකම් කළ මිනිස්සු හිනාවෙලා හා හා කියලා වාඩිවෙනවා. ඔච්චරයි වෙන්නේ. ඒක හොරෙකුටවත් නඩු වැටිලා තියෙනවද නැහැ. මේ කමිටු කියන්නෙත් මහා නාස්තියක්... අර කොසොල් රජ්ජුරුවෝ දැකපු හීනෙක තිබුනේ හතර අතින් කුළු හරක් පිඹගෙන දුවගෙන සටනට වගේ ඇවිත් ළංවුණාම හින් සැරේ ආපස්සට හැරිලා ගියා කියන කතාව.
"හොරාගේ අම්මා නඩුව ඇහුව වගේ " කියලා අලුත් ප්‍රස්ථා පිරුලක්.