
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කෝප් කමිටුවේ රැස්වීම් වාරයක් අද පස්වරු එකට කැඳවා ඇති බවත් එම වේලාවට සිකුරාදා මුස්ලිම් ආගමික වතාවත් පැවැත්වෙන හෙයින් එහි සාමාජිකයන් වන එස්.එම්. මරික්කාර් සහ රාවුෆ් හකීම් මහත්වරුන්ට සහභාගී වීමට නොහැකි වන බවත් සඳහන් කළේය. එ් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසද ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීවේ කෝප් කාරක සභා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු නතර කරන බවයි.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසූයේ කෝප් කමිටු රැස්වීම අදාල ආගමික වතාවත් පැවැත්වෙන කාලයෙන් පසුව පවත්වන්නට තිබූ අතර නැවත දැනුම් දෙන තුරු නතර කළේ ඇයි ද යනුවෙනි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ කෝප් කමිටුවේ පැනනැගී ඇති ගැටලුකාරී තත්වයන් මඟහරවාගෙන අදාල රැස්වීම් පවත්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නවත්වන්න පුළුවන් ක්‍රමයක් මොවුන් හොය හොයා ඉන්න වෙලාවේ සජිත් ගාණට ලෙඩේ ඇද්දා... දැන් ආයෙත් මේ ආණ්ඩුව තියෙන තුරු කෝප් නැත...
විද්දේ පඳුරට... වැදුණේ හාවාට වගේ දෙයක් තමයි වුණේ... අන්තිමට...
මෙම කමිටුව නිසා රජයේ සේවකයෝ වැරැදි කරන්න බය වුණා. මේක නතර කරන එක හොරුන්ගේ ජයග්‍රහණයක් වෙයිද?
ඔයවගේ ගොන් වැඩ තමයි දන්නේ...
ඔය කෝප් කමිටු සභාපති පත්කරපු වෙලාවේ විපක්ෂයයි, මුලු රටේම මිනිස්සු කිව්වේ... මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වෙයි කියලා. දැන් ඉතින් සක් සුදක් සේ ඔප්පු වුණා ඒක. ඔක්කොම කම්බ හොරුරැලක්...
කෝප් කමිටුවට රවී කරුණානායක දැම්මානං වරුවෙන් වහනවා.
කෝප් සභාපති එලවන්න කෝප් සභාව නැවැත්තුවා නම් ඒක සාධාරණයි හම්බ මගුලක් නිසා කෝප් කමිටුව නැවැත්තුවා නම් ඒක අසාධාරණයි. ඒක ඔවුන්ගේ ආගමික වැඩක්. හජ්ජි දවසට හරක් මරන්න යන්නත් රජය නිවාඩු දෙනවා නේද?
කම්බා හොරු රැලක් එකතුවෙලා තවත් හොර නඩයකගෙන් හොරකම් ගැන ප්‍රශ්න අහනවා බලන් ඉද්දී නම් හරිම සුන්දරයි.. හොරකමට දඬුවම් වෙනුවට, හොරකම ගැන හොරු එකතුවෙලා තළුමරමින් සාකච්ඡා කරනවා දැක්කාම මාර ජොලියක් හිතට දැනෙනවා... හොරුන්ගේ ඉඟි බිඟි සංඥා හරිම අපුරුයි... අපිටත් හොරකම් ගැන යමක් ඉගෙන ගන්න පුළුවන්... රටට ගැලපෙන මෙවැනි ටෙලි නාට්‍යය නරඹන්න තරම් අපි කොතරම් පින් කරලා ඇත්ද, කියලා හිතද්දී, හදවතට දැනෙන ආඩම්බරය ගැන නම් කියන්න වචන නැහැ.... හදවතින්ම සිරි ලාංකිකයි...!!!
අර හොර ආචාරියා පන්නලා දාන්න... කෝප් නෙවෙයි, පෝක් දැන්...!