(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි කතාංගනයේ අප්පුගේ චරිතය රඟපෑ තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා 66 අද (16) සවස මීරිගම මූලික රෝහලේ දී අභාවප්‍රාප්ත විය .
අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි මිය ගිය ශ්‍රීලාල් මහතා දෙදරු පියෙකි .
වසර පහක පමණ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පෙළුණු ශ්‍රීලාල් මහතා ගතවූ මාස දෙකේ දී දැඩි ලෙස ගිලන්ව වතුපිටිවල මීරිගම හා රාගම රෝහල්වල ප්‍රතිකාර ලැබ ඇත.
දින පහක් තිස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ශ්‍රී ලාල් මහතා දෙදිනකට පෙර ඔහු පදිංචිව සිටි මීරිගම තවලම්පිටිය නිවසට පැමිණ ඇත මෙසේ සිටින අතර අද(16) පස්වරු වේ යළි රෝගාතුර වීමෙන් පසු සුව සැරිය ගිලන් රියකින් මිරිගම රෝහලට ඇතුලත් කරන අවස්තාවේ මරණයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය,.
මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා ඉදිරියේ අද 16 සවස මරන පරීක්ෂණ ය පැවැත්විනි. පශ්චාත්මරන පරීක්ෂණ ය හෙට17 වතුපිටිවල මුලික රෝහලේදී පවත්වා මරනයට හේතුව ලබා ගන්නා ලෙස හදිසි මරණ පරීක්ෂක වරයා පරීක්ෂක වරයා මීරිගම පොලිසියට නියම කළේය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද 17 මීගමුව දී සිදු කිරීමට අදහස් කරන බව ශ්‍රී ලාල් මහතාගේ බිරිඳ ඩොමිනිකා වාසනා මිතානි විජේනායක මහත්මිය පැවසුවාය මිරිගම පොලිසියේ පොලිස් සැරයන් 63191 ආර් එම් ඒ රාජපක්ෂ මහතා සාක්කි මෙහෙයවීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන්සුව ලැබේවා!!
ඔබට නිවන් සුව ලැබේවා, කලා කරුවාණනි.
අපි කවදත් ආදරය කල කලාකරුවෙක් මෙලොවින් සමුගැනීම ගැන අපට ඇත්තේ මහත් කණගාටුවකි. ඔබ තුමාට නිවන් සුවය අත්වේවා කියා අපි සැවොම ප්රාර්ථනා කරමු.
අපගේ ළමාකාලය සුන්දර එකක් වීමට සහයදුන් ඔබට නිවන් සුව ලැබේවා.
නිහතමානී කලාකරුවෙක්. නිවන් සැප ලැබේවා....
අපේ ළමාකාලය රසගැන්වූ කලාකරුවාණනි. ඔබට සුබ ගමන්...
නිවන් සැප ලැබේවා ....!!!
නිවනින් සැනසේවා!!!
ශ්‍රී ලාල් සොයුර, ඔබට නිවන් සුව අත්වේව!
කෝපි කඩේ දක්ස නලුවෙක් අපිට අහිමි උනා. ඔබට නිවන් සුව ලැඛෙවා...!
ඔබට නිවන්සුව අත්වේවා !!
කාලෙකදි ජනප්රිය ගීත ගොඩක් ගායනා කරපු ශිල්පියෙක්. පස්සෙ ඒවා හදාගත්තා මගෙ හිතේ. යන තැනක හිනාවෙලා සතුටින් ඉදී.
නිවන් සැප ලැබේවා....!!!
ඔච්චර තියෙන්නේ දෙසපාලුවන්ගේ පින්තුර පමණද?
අපේ ළමාකාලය රසගැන්වූ කලාකරුවාණනි.. නිවන් සුව ලැබේවා.!