(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කඳුළු ගෑස් වලට වියදම් කරන සල්ලි විශ්ව විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධනයට වැඩ සඳහා යොදා ගන්නැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය මැතිවරණ ඉලක්ක කරගෙන බොහෝ යෝජනා ගෙනවිත් තිබෙන බව පෙනෙන්නට තිබෙන බව කී ෆොන්සේකා මහතා එලෙස හෝ මැතිවරණයක් තිබෙන බව දැනීම සතුටට කරුණක් බව කීය.
නඩු තීන්දුවෙන් ආර්ථික ඝාතකයන් කවුදැයි ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔවුන් මෙරට ජාති ද්‍රෝහීන් බවට පත් වී තිබෙන බව කී මන්ත්‍රීවරයා ඉදිරියේදී රාජපක්ෂවරුන්ට මොන මොන කර්ම පල දේවි දැයි බලා සිටින බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් . බලයට එන්න බලාගෙන එක එක ඒවා තෙපරබානවා. හරි වැරැද්ද නෙවෙයි කතා කරන්නෙ. නිදහස් අධ්‍යාපනය විනාශ කරන්නෙ අනතරේ ඉන්න දේශපාලන උන්මත්තකයින්. ඔවුන් රටට වැඩකුත් නෑ. දෙමාපියන් ට වැඩකුත් නෑ.
රාජපක්ෂවරුන් කල ලොකුම පව නිකමෙක් වගේ විශ්‍රාම යන්න හිටි ඔබතුමා හමුදාපති කිරීම සහ දෙමළ ත්‍රස්තවාදී යුද්ධයට දේශපාලන නායකත්වය දීපු එක. ඒ පව තාමත් ගෙවනවානේ. ඔබතුමාත් ඒක ගෙවනවා. මොකද වැරදි කදවුරට හේත්තු වෙලා රටටම විහිළුවක් වීම නිසා.
යුද්දෙට වැය උන සල්ලි, මල්ටි බැරල්, පතුරොම්, etc etc සඳහා වැය උන මුදල්, හමුදා පතිට දීපු වැටුප් ආදියත් LTTE එකට දුන්නානම් හොඳයි නේද උන්නැහේ? ශ්‍රීමත් ප්‍රේමදාස් එහෙම කලා කියා මතකයි.
කඳුළු ගෑස් ගහන්නේ සරසවි සිසුන්ට නොවෙයි. සරසවි සිසුන්ගේ අද්‍යාපනය විනාස කරන සරසවිය අරක්ගෙන සිටින ජනතා මුදල් කා දමන, ලොක්කා කාලයක් එකතුවෙන්න ලැහැස්ති උන කාලකන්නි ජෙප්පන්ට.
ඕව උන්නැහේ ගැලරි ටෝක් . දැන් ඔහේ හිතනවද අන්තරේ ය ඔහෙට චන්දෙ දෙයි කියල මේ වගේ මෝඩ කතා කිව්වහම ? ඔහෙටම මතක නැහැ ඔහේ කියන දේවල් . කාලෙකට කියනවා රටක ආර්ථිකයටත් වැඩේ ප්‍රමුඛත්වය දෙන්න ඕන ආරක්ෂාවට කියල . දැන් ඊට හාත්පසිම වෙනස් එකක් කියනවා . දවසක් කියනවා ප්‍රමාණවත් පිරිසක් නැති නිසා කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් තනතුරට උසස් කිරීම වැරදියි කියල . දැන් කියනවා ප්‍රමාණවත් පිරිසක් නැතුවත් මිනිහව ෆීල්ඩ් මාර්ෂල් කරපු ක්‍රමේ හරි කියල . ඔයත් දැන් කුණු උන දේශපාලන චරිතයක් වෙලා ඉවරයි . කිසිම තැනක වැඩි කලක් ඉන්න බැහැ මොකද ඔයාගේ උද්දච්ච කම නිසා
වතුර බවුසර් ගොවිතැන් සදහා යොදවන්න.