
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පවුම් 38ක් පමණ බර මෙම රන්තැටිය බැතිමතකු 2019 වසරේ පූජා කරන ලද්දක් බවත් එම නිලධාරියා කීය.
මීට සති දෙකකට පමණ ඉහතදී මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී ඇතැයි උසස් නිලධාරියා කීය.
පොලිස්පති සි .ඩි .වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ඊයේ කතරගමට පැමිණි බව උසස් පොලිස් නිලධාරියා කීය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.