IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


කඳානේ මත්ස්‍ය අපනයන ආයතනයක් අත්හිටුවයි

(මනෝප්‍රිය ගුණසේකර)

මහජනතාවට පීඩා වන අන්දමින් වසර 15ක කාලයක් කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්ස්‍ය අපනයන ආයතනයක මෙහෙයුම් කටයුතු ලබන මස 04 වැනිදා දක්වා අත්හිටුවීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (25) නියම කළේය.

කඳාන ප්‍රදේශයේ නිවාස සංකීරණයක පර්චස් 12ක බිම් කැබැල්ලක පවත්වාගෙන යන මෙම මත්ස්‍ය අපනයන ආයතනයක මෙහෙයුම් කටයුතු හේතූවෙන් එම නිවාස සංකීරණයේ ජනතාව දුර්ගන්ධය හා අධික ශබ්දය හේතූවෙන් වසර 15ක කාලයක් පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවට ඉදිරිපත් වු සාක්කි සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාතවරයා එලෙස නියම කළේය.

කඳාන දකුණු බටගම කපුවාගාර හි ‘සෙන්ට්‍රල් සමර් පාර්ක්’ නිවාස සංකීරණයේ ජනතාව විසින් මහජන පීඩා පනත යටතේ කඳාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙලෙස මෙහෙයුම් කටයුතු අත්හිටු වන ලද්දේ එම නිවාස සංකීර්ණයේ ස්ථාපිතකර තිබු ‘ඩී-සීෆුඩ්ස් එක්ස්පොර්ට් ඇන්ඩ් සප්ලයි’ නමැති ආයතයේ කටයුතුයි.

‘සෙන්ට්‍රල් සමර් පාර්ක්’ නිවාස සංකීරණයේ ජනතාව විසින් මහජන පීඩා පනත යටතේ කරන ලද පැමිණිල්ලකට අනුව ‘ඩී-සීෆුඩ්ස් එක්ස්පොර්ට් ඇන්ඩ් සප්ලයි’ නමැති ආයතනයට සහ හිමිකරු වන චමින්ද දිමුතු කුමාර ප්‍රනාන්දු නමැත්තාට එහෙිව කඳාන පොලිසිය මෙම නඩුව පවරා තිබිණී.

මෙම නඩුව කැඳවු අවස්ථාවේදී ‘සෙන්ට්‍රල් සමර් පාර්ක්’ නිවාස සංකීරණයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකු අධිකරණයේ සාක්කි දෙමින් මෙම මත්ස්‍ය අපනයන ආයතනයට පාන්දර 5.00 සිට මත්ස්‍යයින් රැගත් විශාල ලොරි එක දිගට පැමිණෙන බවත් එම ලොරි රථ වලින් මෙන්ම එහි සවිකර ඇති විදුලි ජනක යන්ත්‍ර වලින් නිකුත් වන අධික ශබ්දය හේතූවෙන් තමන්ට නින්දක් නොමැතිව දුක් විඳීමට සිදුව ඇතැයි පැවසුහ.

මෙම ආයතනයේ කටයුතු හේතූවෙන් නිරන්තරයෙන් දුර්ගන්ධය ඇති වන බවත් මාලු ලේ සමඟ මුසු වු ජලය නිවාස සංකීරණයේ කාණු පද්ධතියට මුදා හැරීම හේතූවෙන් ඉන් ඇතිවන දුර්ගන්ධය හා මැසි මදුරුවන් නිසා අවට පදිංචිකරුවන් නිරන්තරයෙන් රෝගී වන බවත් සාක්කි දෙමින් පැවසු ඔව්හු මෙම ආයතනයේ කටයුතු හේතූවෙන් තම නිවාස වල ජනෙල් වසර 15ක කාලයකින් විවෘත කර නැතැයිද කීහ.

මෙම ආයතනයේ කටයුතු හේතූවෙන් තමන්ට විඳින්නට සිදුව ඇති දුක් ගැහැට මෙපමණ කලක් බලධාරීන්ට කොතෙක් කීවත් ඉන් පළක් නොලැබුණු බවද කී පදිංචිකරුවෝ තමන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වීමට හැකි වාතාවරණයක් ඇති කර දෙනන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පැමිණිල්ල ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධරීහු කරුණු දක්වමින් අදාළ ආයතනය කටයුතු පවත්වාගෙන යන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍රයද ලබා නෙගෙන බවත් එම ආයතනයේ කටයුතු හේතූවෙන් අවට පදිංචිකරුවන් විශාල මහජන පීඩාවකට ලක්ව ඇති බවත් දැනුම් දුන්හ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ මත්ස්‍ය අපනයන ආයතනයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල කැඳවන ලබන මස 04 වැනිදා දක්වා මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට අදාළ ආයතනයට සහ එහි හිමිකරුට නියම කළේය.



අදහස් (0)

කඳානේ මත්ස්‍ය අපනයන ආයතනයක් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

දියත

නව මස් ළදැරිය ළිං පතුලෙන් හමුවෙයි
2024 අප්‍රේල් මස 29 0 0

වයස මාස 09 ක ළදැරියක ළිං පතුළක මියගොස් සිටියදී ඊයේ (28) දින සොයාගත් බව මහබාගේ පොලීසිය පවසයි.


අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
2024 අප්‍රේල් මස 29 7 0

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය ක


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 9 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි
2024 අප්‍රේල් මස 29 52 0

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


පරාතේ තහනම මැතිසබයට
2024 අප්‍රේල් මස 29 195 0

බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති බැංකු විසින් ප්‍රදානය කරන ලද


පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
2024 අප්‍රේල් මස 29 177 0

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site