(ඩයනා උදයංගනී)

කඳුකර දමිළ ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගයමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

එම ප්‍රජාවගේ මුල් පරපුර ඉන්දියාවේ සිට මෙරටට පැමිණ වසර 200ක් ගතවීම නිමිති කරගනිමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතන හා එක්ව මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මධ්‍යම, සබරගමුව හා දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් මෙම ප්‍රජාව ජීවත් වන අතර, ඔවුන් විවිධ අයුරින් මෙරට ජාතික ආර්ථිකයට සහය වන බවත්, වැවිලි ක්‍ෂේත්‍රයේ මුළු ආදායමින් තුනෙන් එකක පමණ දායකත්වයක් ඔවුන් දරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.