(ඩයනා උදයංගනී)
කඳුකර දමිළ ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගයමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
එම ප්‍රජාවගේ මුල් පරපුර ඉන්දියාවේ සිට මෙරටට පැමිණ වසර 200ක් ගතවීම නිමිති කරගනිමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතන හා එක්ව මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මධ්‍යම, සබරගමුව හා දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් මෙම ප්‍රජාව ජීවත් වන අතර, ඔවුන් විවිධ අයුරින් මෙරට ජාතික ආර්ථිකයට සහය වන බවත්, වැවිලි ක්‍ෂේත්‍රයේ මුළු ආදායමින් තුනෙන් එකක පමණ දායකත්වයක් ඔවුන් දරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කඳුකර දමිළ ජනයා ආර්ථිකයට ලබාදෙන සහය ඇගයේ