(යොහාන් භාසුර)

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශයේ සේවා ගාස්තු ඉහළ දැමීමට කිරීමට තීරණය කර ඇති බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් එම අමාත්‍යංශය පවසයි.

විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 800 දක්වා, විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1,500 යේ සිට රුපියල් 3,000 දක්වාත් ඉහළ දමා ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.