(යොහාන් භාසුර)

ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම හෙට (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (11) පස්වරුවේ පැවසීය.

භූමිතෙල් කෑන්වලට ලබාගැනීමට බාධාවක් නොමැති බව කී සුමිත් විජේසිංහ මහතා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් අදාල ප්‍රදේශයේ කෘෂි පරීක්‍ෂණ නිලධාරියා හෝ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික සමඟ ඉන්ධන පිරවුම්හලට ඉදිරිපත් කිරීමෙන් කෑන්වලට ලබාගත හැකි බව ද සඳහන් කළේය.

නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් කෑන්වලට ලබාගැනීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකය අවශ්‍ය වන බවත් ඉන්ධන අනවශ්‍ය ලෙස තොග රැස්කිරීම ජනතාව නතර කළ යුතු බවත් විජේසිංහ මහතා කීය.

ඛනිජ තෙල් සංස්ථාව පසුගිය දින හතරේ පමණක් ඉන්ධන මෙටි්‍රක්ටොන් 35,000 ක් වෙළෙඳපොලට නිකුත් කර ඇති බවත් පසුගිය ඉරිදා සහ සෙනසුරාදා පමණක් ඉන්ධන මෙටි්‍රක්ටොන් 21,000 ක් නිකුත් කළ බවත් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.