(ඉන්දිකා රාමනායක)

කින්නියා කුරුඤ්ඥනේකි කලපුවේ පාළම් පාරුවක් පෙරලීමේ සිද්ධියෙන් තුවාල ලබා කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බව පොලිසිය කියයි.

මියගයි මෙම කාන්තාවත් සමග මෙම සිද්ධියෙන් මියගිය පිරිස 8 දක්වා ඉහළ ගොස් ඇත.

ඉකුත් 23 දින පෙරවරුවේ සිදු වු එම අනකුරින් සිද්ධිය වු දින පාසල් ළමුන් සිව් දෙනකු ඇතුලු 6 දෙනකු මියගොස් තවත් 20 ට අධික පිරිසක් තුවාල සිදු විය.

සිද්ධියෙන් දින පහකට පසුව ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර දැඩිසත්කාර ඒකකයේ ලබමින් සිටි 7 හැවිරිදි මියගොස් ඇත. මෙම අනතුරින් මියගිය පිරිද 8 දක්වා ඉහළ ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.