( තිළිණි ද සිල්වා )
කොන්දේසි සහිතව ලබන 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.
සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරපු සංචාරකයන්ට මෙරටට ඒමට හැකියාව පවතින අතර ,ඔවුන්ට ගුවන් තොටුපළේදී සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසදිතයෙක් නොවන බව තහවුරු කෙරෙන ඉන්දීය සංචාරකයින්ට දිවයින පුරා සංචාරය කළ හැකි බව සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටි ආරච්චි මහාතා පැවසීය.
මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් අනිවාර්යයෙන්ම තරු තුනේ මට්ටම සහ ඊට ඉහළ මට්ටමේ හෝටල්වල නතර විය යුතු බවත් , ඔවුන්ට සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මාසයක කාලයක් සඳහා වීසා නිකුත් කෙරෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද ඉන්දීය සංචාරකයන් වෙනුවෙන් ලබන 01 වැනිදා සිට කොළඹ සහ ඉන්දියාවේ ගමනාන්ත 03ක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටද නියමිතව ඇතැයිද හෙතෙම කිය.
ඒ අනුව සතියකට චෙන්නායි වෙත ගමන් වාර 04ක්, මුම්බායි වෙත ගමන් වාර 03ක් සහ බැංගලෝරය වෙත ගමන් වාර 01ක් වශයෙන් ආරම්භයේදී ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් සැප්තැම්බර් අවසානය වන විට දිල්ලියට තවත් ගුවන් ගමන් 02ක් දක්වා ද වැඩි කිරීමට බලාපොරොත්තුවන බව ද සංචාරක ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයෝ... සංචරණ අපිට තහනම්... පුදුම රටක්...
අතමාරුවක්වත් හදිස්සියකට ඉල්ලගන්න ඉන්න කට්ටියනේ... තරහ කරගන්න එපා සර්...
මේවාට තමයි "ඉල්ලන් කනවා" කියලා කියන්නේ. දවසට 200ක් මැරිලත් ආණ්ඩුවට මදි ඇති...
මොකද්ද කොන්දේසිය
මොකද මුන්ගෙ බැරි බැරියාව වහගන්ට මේ අවුරුදු 5 කොහොම හරි කොරෝන තියගන්ටයි ඕන. මේ නම් කාලකන්නිම රජයක්.
මුල ඉඳලම කිසිම දෙයක් ගණන් නොගෙන ඉවක් බවක් නැතිව සංචාරකයින් ගෙන්වාගත්තු එකේ ප්‍රතිපල තමයි. දැන් රටපුරාම කොරෝනා වසංගතය පැතිරිලා. මෙයාලගේ මහලොකු කොන්දේසි... කයිවාරුව නම් තියෙනවා මොනවා නැතත්...!!!
අපිත් එන්නත් 2 ගත්තා අපිට බැරි මොකෝ ඔය කියන බුබුලෙන් තවත් එන්නත් ගත් කෙනෙක් බලන්න යන්න , දන්නේ නැති නිසා අහන්නෙ.
මේ මාරායාගේ හෝරාවයි, මාරයාට බිලි ලැස්ති කිරීම... කප්පම් රණතුංග ඇතුලු මාර රැලේ කාර්ය භාරයයි. නරයිනි, පරිස්සම් වෙයල්ලා.
මේ වංචාකාරයින් තමයි රටෙන් පිටත් වෙන්න දවසකට, දෙකකට කළින් කොවිඩ් ආසාදනය වෙලා තිබුණානම් එයාර්පෝට් PCR පරීක්ෂණය ඇතිද? නිරෝධායනය අවශ්‍ය නැතිද? අපි දන්නේ නැති හින්දා මේවා අහන්නේ... අන්තිමට ලෝකෙම තියෙන ප්‍රභේද ටික රට ඇතුළට ඒවි කියා තමයි බය...
කොරගගහා ගිහින් මීළඟ මැතිවරණයෙන් ඡන්දෙ පැරදුණාට පස්සේ, මේ සිතාමතා කරන මිනීමැරුම්වලට ජීවිතාන්තයට හිර කුඩුවේ ඉන්න දැන්ම ඉඳලා ලැහැස්තිවෙලා ඉන්නවා...
දැන් දැන් ගම්වල මිනිස්සු සුදානම්වෙලා ඉන්නේ වසංගත අරගෙන එන යුක්රේන් කාරයන්ට , රුස්සන්ට, ඉන්දියන්ට ගල් ගහලා පන්නන්න ඔවුන්ගේ ගම් වලින්.
මේ රටට එනවුන් කොන්දේසිම පිළිපදින අය ලංකාවේ උන් නීතියට ගරු නොකරන එකකේ ඉන්දියාවේ උන් කරවිද අනික කවුද මුන් මේ කියන විදිහට ඉන්නවද බලන්නේ කවුරු හරි ඇහුවොත් කියන්නේ ඒ ගොල්ලෝ ටුවරිස්ට්ල නේ කියාවි
මොනවද මේ කරන්නේ
දැන් සැපද? කියලා අහන්න සාටක මුත්තෙක් නැති හැටි...
"ඩෙල්ට ප්ලස්" සාදරයෙන් පිළිගනිමු.
පරිප්පු මිල ගිය එක ඉල්ලගෙන හරි පරිප්පු කමු. මේ ගොල්ලන්ට ජිවිත ගැන තැකීමක් නැත්තේ පෙර පුරුදු කියලත් සැකයි