
(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොන්දේසි තුනකට යටත්ව හෙට (5) සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකට අවසරදී තිබේ.
පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම, නව තොග නිකුත් කිරීමට පෙර ප්‍රමිතියට අනුකූලව ගඳ සුවඳ හඳුනාගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීමට සහ ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම 100 කින් එකක්ම පරීක්ෂා කර අංකනය කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට භාරදීම යන කොන්දේසි පනවා ඇති බවත් මෙම කරුණු සපුරා ගැනීම සඳහා සහ ගෑස්වල ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා පත් කළ කමිටුව දැනුවත් කිරීමෙන් පසු එම කමිටුවේ අධීක්ෂණයෙන් ගෑස් කිරීමටත් එම කමිටුවට ඕනෑම අවස්ථාවක ගෑස් නිෂ්පාදන ක්‍රියාවලිය පරික්ෂා කළ හැකි ආකාරයට අදාල සමාගම් කටයුතු කළ යුතු බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයක නොහැකියාව නේද මේ පෙනෙන්නෙ.
නිවැරදි පෙර සංයුතියෙන්ම නම් එච්චරයි...