
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රියදුරු බලපත්‍රය නොමැතිව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබූ යතුරු පැදියක් මුදා හැරීමට කටයුතු කර දෙන බවට පවසා කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසියකියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රථ වාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි. බොරැල්ල වෝඩ් පෙදෙසේ පදිංචි යතුරුපැදියේ හිමිකාරිය කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවටද වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ වැඩ තහනමට ලක් කිරීමට කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි පි ආර් සමන් ජයලත් මහතා විසින් පියවර ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොස්තාපල් වරයාගේ නමත් දාන්න .තව දුන්න අයගෙන් පැමිණිලි එන්න පුළුවන්
මගේ විශ්වාසවන්ත අයෙකුගෙන් ලැබුන ආරංචියකට අනුව නම් පොලිසියේ තරුණ නිලධාරීන් අතරින් බහුතරයක් මතට ඇබ්බැහිවුවන් බවයි.