බිඟුන් මේනක ගමගේ
කන්තලේ බස් රථ අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රොෂාන් කුමාර මාධ්‍යවේදියාට තම රාජකාරිය ඉටු කිරීමට ඉඩ නොදී කළ තර්ජනය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය දේශපාලනඥවරියක හා ඇගේ පුත්‍රයා විසින් මෙසේ මාධ්‍යවේදියාට තර්ජනය කරනු ලැබ ඇතැයි ද එම බාධාකිරීම් සඳහා රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු පවා යොදාගෙන ඇතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි.
මහජනතාවට සත්‍ය වාර්තා කිරීමට වගකීමෙන් බැඳී සිටින මාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීමෙන් නොනැවතී පොලිස් නිලධාරින්ට පවා රාජකාරි කිරීමට ඉඩ නොදීම බරපතල අනතුරක් යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
ඒ අනුව මාධ්‍යවේදීන්ට හිංසනයෙන් තොරව සිය රාජකාරි කිරීම සඳහා අවස්ථාව සැකැසීමට බලධාරින් කටයුතු කළ යුතු යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කන්තලේ දේශපාලන හයිකාරකම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී