
(ටී.කේ.ජී.කපිල )
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලය ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හැරිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
මෙම ගුවන් නියමුවරියන් ඇතුළු කාන්තා කාර්යය මණ්ඩලය අද දහවල් 11.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 61 දෙනෙකු රැගෙන , ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් අද උදෑසන 08.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 131 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා , ගුවන් මගීන් 67 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .
මෙම ගුවන් ගමන සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොමු කර තිබූ අතර ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ සහ සහාය ගුවන් නියමුවරිය ලෙස පළමු පියාසර නිලධාරී බිමාලි ජීවන්දර කටයුතු කර තිබුණි .
මීට අමතරව ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් කාන්තා නිලධාරිනියන් 05 දෙනෙකු ද සහභාගී වී සිටියහ . ඔවුන් අතර ගුවන් කාර්යය මණ්ඩල ප්‍රධානී රොෂානී දිසානායක , ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල , ගුවන් සේවිකා ලක්මිණි දිසානායක , ජයකළණි කින්සන් සහ හර්ෂි වල්පොල සිටියහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන ආරම්භයට පෙර මගීන්ට මේ බව දැනුම් දුන්නාද?
අගෙයි, අගෙයි.... හරි සතුටුයි. ජයවේවා...! රටේ අපහසු කාලයේ රට දාලා යන අයට හොඳ ආදර්ශයක්....!
යන්නේ හොම්බෙන් නමුත් ආටෝපේ නම් අඩුවක් නෑ
කාන්තා දිනේට නම් නිතං ටිකට් එකක් දුන්නත් ශ්‍රීලාංකන් නම් යන්නේ නැහැ. අනිත් එක මගීන්ට මේ බව කලින් දැනුම් දෙන්න ඕන එතකොට කල් ඇතුව දිනේ මාරු කරගන්න පුලුවන්නේ.
සියලු දෙනාටම සුබ කාන්තා දිනයක් වේවා..!
නියමයි, ලස්සනයි එයාර් ලංකා එකේ 60 පිරුණු බාලිකාවන්ගේ වික්‍රමය.
නියමයි
සමහරු විවේචනය කරන්න පුළුවන්. ඒත් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මට හිතෙනවා. සමහර මම කියන්නේ සම හරක්.