පොලිස් නිල ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් කැනඩාවේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.
ඝාතකයා පැදවාගෙන ගිය පොලිස් මෝටර් රථයකට සමාන මෝටර් රථය ලුහුබැඳගොස් පැය 12 ක පමණ කාලයක් පැවති වෙඩි තැබීම අවසන් කිරීමට පොලිසියට හැකිවී ඇති අතර එහිදී ඝාතකයාද මියගොස් ඇත.
කෙසේ වෙතත් ඝාතකයා මරණයට පත්වූ ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පොලිසිය හෙළිකර නොමැත.
ඝාතකයා ස්ථාන ගණනාවකදී පුද්ගලයින්ට වෙඩි තබා ඇති බැවින් මරණයට පත්වී ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව තවමත් හඳුනාගනිමින් පවතී.
වෙඩි තැබිම් ආරම්භ වීමෙන් පසුව නිවෙස් තුළටම වී ඉන්නැයි පෝටපික් නගරයේ වැසියන්ට උපදෙස් නිකුත් කර ඇත.
මියගිය තැනැත්තන් අතර පොලිස් නිලධාරියක ද වන බව නොවා ස්කොටියා පොලිසිය පැවසුවේය.
රෝයල් කැනේඩියන් මවුන්ටඩ් පොලිසියේ කොස්තාපල්වරියක ලෙස සේවය කළ ඇය වසර 23 ක කාලයක් ආරක්ෂක සේවයේ නිරතව සිටි තැනැත්තියකි. දෙදරු මවක් ද මරණයට පත්වූවෝ අතර වෙති.
ඝාතකයා 51 හැවිරිදි වියේ පසුවන ගැබ්රියෙල් වෝට්මාන් නමැති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඔහු රෝයල් කැනේඩියන් මවුන්ටඩ් පොලිසියේ නිල ඇඳුමින් සැරසී සිටියද හෙතෙම එම පොලිසියේ සේවය නොකරන්නෙකු බව පොලිසිය සඳහන් කළේය.
තුවක්කුකරු යොදාගත් මෝටර් රථය ද රෝයල් කැනේඩියන් මවුන්ටඩ් පොලිසියේ මෝටර් රථවලට සමාන රථයේද පොලිස් මොටර් රථ සමඟ සැසඳීමේදී වෙනස්කම් දක්නට ලැබී තිබේ.
ඝාතකයා අහඹු ලෙස වෙඩි තැබීම් සිදුකිරීමට පෙර සිදුකළ මුල් වෙඩි තැබීම් කිහිපයක් සැලසුම් සහගතව සිදුකරන්නට ඇතැයි බලධාරීහු විශ්වාසය පළකරති.
(බීබීසී ඇසුරෙනි)
-226-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඝාතකයා යැයි කියනු ලබන අහිංසක කැනේඩියානු පුරවැසියකු ලුහුබැඳ ගොස් ඔහුගේ මානව අයිතිවාසිකම් කඩවන ලෙස වෙඩි තබා කැනේඩියානු පොලීසිය විසින් සිදුකරන ලද ම්ලේච ඝාතනය තරයේ හෙලා දකිමි.
කැනඩාව කියන රටේ ඕනෑම කෙනෙකුට .. ඕන විදිහට " පුද්ගල වෛද්‍ය පරීක්ෂණයකින් තොරව " අපේ රටේ වගේ ..! අවි-ආයුද ළඟ තියා ගැනීමට අවසර බලපත්‍රයක් දීල තියනවා. ඉතින් මෙව්වා තමයි ඒවායේ ප්‍රතිපල. අපිටත් හොඳ පාඩමක් . !!!