IMG-LOGO

කැනඩාවේ කොරෝනා ආසාදිතයින් 10,000 පනී

කැනඩාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 10132 ක් වාර්තා වී ඇති බව එරට මහජන සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

වයිරසය ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 131ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය දිනයට වඩා මරණ 26 ක වැඩිවීමකි.

රෝගීන් 1891ක් මේ වනවිට සුවය ලබා ඇත.

වැඩිහිටි නිවාස වල කිරීටක වයිරසය දරුණු ලෙස පැතිරී ඇති බවත් ඒ සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වන බවත් සෞඛ්‍ය කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කොරෝනා වයිරස රෝගීන් සමඟ කටයුතු කරන වෛද්‍ය නිලධාරීන්ට මුහුණු ආවරණ වැනි පෞද්ගලික ආරක්ෂක උපකරණ වල හිඟයක් පවතින බව තමාට වාර්තා වී ඇතැයි කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි.

මිලියන ගණනක මුහුණු ආවරණ මේ වනවිට ලැබී ඇති බවත් හැකි ඉක්මනින් ඒවා බෙදා හරින බවත් ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (2)

කැනඩාවේ කොරෝනා ආසාදිතයින් 10,000 පනී

de silva Friday, 03 April 2020 01:47 AM

සරල මුහුණු ආවරණ අවශ්‍ය ප්‍රමාණයට නිපදව බෙදාහැරීමට මෙතරම්ම අපහසුද ? අපේ රටේ වසා දමා තිබෙන ඇගලුම් කම්හල් වල මේවා නිෂ්පධනය කරන්න බැරි මොකද ? අපට අවශ්‍ය ප්‍රමාණයට නිපදවා ගත්තම ඉතුරු ටික පිට රටවලට විකුනන්න පුළුවන් , අපට මේවා නිපදවන්න පුලුවන්නම් නිකන් ගාල් කරලා තිබෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාවිත කර අවශ්‍ය රටවලට මේවා ඉක්මනට ප්‍රවාහනය කරන්න පුළුවන්, එන ගමන් එහෙ හිරවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගෙනවිත් රජයේ නිරෝධන මධ්‍යස්ථාන හරහ සමජගතකරන්න පුළුවන් .

:       0       0

Dilshan Friday, 03 April 2020 03:20 AM

ජස්ටින් ටෘඩෝ යනු ට්‍රම්ප් වැනිම කෙනෙකි. මිනිසුන්ට ගෙදරට වී සිටින්න කියනවාට වැඩි යමක් ආණ්ඩුව නොකියයි. මේ කියන ගණන් වලට වඩා වැඩි පිරිසකට හැදී ඇති අතර කොපමණදැයි කීමට නොහැක. මාස්ක් ගන්නට නැත. ග්ලවුස් නැත. දින 14ක් ගෙදර හිටියාට වැඩක් නැත්තේ ගුවන්තොටුපල සියල්ල විවෘතව තබා ඕන පුරවසියෙක්ට එන්න කියා ඔවුන් ඇවිත් යන්නේ කොහෙද කියාවත් ඔවුන් නොදනී. බටහිර රටවල ආර්ථිකයත් අයිතිවාසිකමත් බලමින් සිටිනවිට මිනිසුන් හැමතැන ගොසින් රෝගය බෝකරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site