කැනඩාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 10132 ක් වාර්තා වී ඇති බව එරට මහජන සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
වයිරසය ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 131ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය දිනයට වඩා මරණ 26 ක වැඩිවීමකි.
රෝගීන් 1891ක් මේ වනවිට සුවය ලබා ඇත.
වැඩිහිටි නිවාස වල කිරීටක වයිරසය දරුණු ලෙස පැතිරී ඇති බවත් ඒ සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වන බවත් සෞඛ්‍ය කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
කොරෝනා වයිරස රෝගීන් සමඟ කටයුතු කරන වෛද්‍ය නිලධාරීන්ට මුහුණු ආවරණ වැනි පෞද්ගලික ආරක්ෂක උපකරණ වල හිඟයක් පවතින බව තමාට වාර්තා වී ඇතැයි කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි.
මිලියන ගණනක මුහුණු ආවරණ මේ වනවිට ලැබී ඇති බවත් හැකි ඉක්මනින් ඒවා බෙදා හරින බවත් ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරල මුහුණු ආවරණ අවශ්‍ය ප්‍රමාණයට නිපදව බෙදාහැරීමට මෙතරම්ම අපහසුද ? අපේ රටේ වසා දමා තිබෙන ඇගලුම් කම්හල් වල මේවා නිෂ්පධනය කරන්න බැරි මොකද ? අපට අවශ්‍ය ප්‍රමාණයට නිපදවා ගත්තම ඉතුරු ටික පිට රටවලට විකුනන්න පුළුවන් , අපට මේවා නිපදවන්න පුලුවන්නම් නිකන් ගාල් කරලා තිබෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාවිත කර අවශ්‍ය රටවලට මේවා ඉක්මනට ප්‍රවාහනය කරන්න පුළුවන්, එන ගමන් එහෙ හිරවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගෙනවිත් රජයේ නිරෝධන මධ්‍යස්ථාන හරහ සමජගතකරන්න පුළුවන් .
ජස්ටින් ටෘඩෝ යනු ට්‍රම්ප් වැනිම කෙනෙකි. මිනිසුන්ට ගෙදරට වී සිටින්න කියනවාට වැඩි යමක් ආණ්ඩුව නොකියයි. මේ කියන ගණන් වලට වඩා වැඩි පිරිසකට හැදී ඇති අතර කොපමණදැයි කීමට නොහැක. මාස්ක් ගන්නට නැත. ග්ලවුස් නැත. දින 14ක් ගෙදර හිටියාට වැඩක් නැත්තේ ගුවන්තොටුපල සියල්ල විවෘතව තබා ඕන පුරවසියෙක්ට එන්න කියා ඔවුන් ඇවිත් යන්නේ කොහෙද කියාවත් ඔවුන් නොදනී. බටහිර රටවල ආර්ථිකයත් අයිතිවාසිකමත් බලමින් සිටිනවිට මිනිසුන් හැමතැන ගොසින් රෝගය බෝකරයි.