
මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධන කටයුතුවලයෙදී සිටින සෞඛ්‍ය අංශවල සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, වෛද්‍යවරුන්, හෙද නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම උපකරණ ප්‍රදානය කර ඇත.
දැඩිසත්කාර ඇඳන් 10ක්,පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 1000ක්, ඔක්සිජන් මීටර්, රුධිර පරිමාපක, දැඩි සත්කාර ඇඳන් ඇතිරිල 500ක්, වෛද්‍ය සහ හෙද නිලධාරීන් සඳහා නිල ඇඳුම් කට්ටල මුව ආවරණ,විජබීජ නාශක දිය සහ පාවහන් විශාල තොගයක් මෙසේ පරිත්‍යාග කර ඇත.
මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමියන්, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ ඇතුළු සෞඛ්‍ය අංශ පිරිසක් මෙම අවස්ථාවට එක්වූවහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් දානපතියන් සහ එවනි පුද්ගලයන් සිටින ආයතන මේ රටට වාසනවන්. ඔවුන් සියලුදෙනා නිදුක් වේවා, නිරොගි වේවා.