
ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනු 13,173 අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට මුදාහැර තිබේ.
මෙම ලිපිගොනු නිදහස් කිරීමත් සමඟ කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනු වලින් සියයට 97 නිදහස් කර ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.
මෙම ලිපිගොනු මුදාහැරීමෙන් ඝාතනය පිළිබඳ විශේෂ කරුණක් අනාවරණය වෙතැයි අපේක්ෂා කළ නොහැකි නමුත් ඉතිහාසඥයින් මෙම ලිපිගොනු මගින් කෙනඩිගේ ඝාතනය පිළිබඳ අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන බව පැවැසෙයි.
1963 නොවැම්බර් 22 වන දින ටෙක්සාස් හි ඩලස් නගරයේ සිදුකළ සංචරකදී කෙනඩි වෙඩි තබා ඝාතනය කෙරුණි.
එම ඝාතනය අදාළ ලිපිගොනු 515 ක් මුදාහැර නොමැති අතර මුදාහරින ලද ලිපිගොනු අතරින් 2545 ක සම්පූර්ණ ලිපි ගොනුව නිදහස් කර නොමැත.
රඳවා ගෙන ඇති ලිපිගොනු 515 ලබන වසරේ ජූනි මස 23 දක්වා මුදා නොහැර සිටීමට තීරණය කර බවත් එයට හේතුව එම ලිපිගොනු නිදහස් කිරීමෙන් සිදුවන හානි වැළැක්වීමට බවත් ධවල මන්දිරය පවසා ඇත.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදා හැරපුවා මම හොයාගෙන කියවන්නම්... මෙතුමා බැරක් ඔබාමාට ඉහළින් ඉන්න බව මම නැරඹූ වැඩසටහනක කියැවුණා...