(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටියේ පිහිටි ඉඩමක කන්ටේනර් පෙට්ටියක පදිංචිව සිටි පවුලක් අද (11) අලුයම බලහත් කාරයෙන් පන්නා දමා ඔවුන් පදිංචි කන්ටේනර් පෙටිටිය රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දකුණු පළාතේ ප්‍රවෘත්ති මැවූ නගරාධිපතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශයක් අතර ආරවුල් පවතින බවත්, ඉඩමේ අයිතිකරු බව කියන පුද්ගලයා එම ඉඩමේ කන්ටේනර් පෙට්ටියක් තුළ නිවසක් සකස්කරගෙන එහි වසර කිහිපයක් පුරා දු දරුවන් සමග ජීවත් වන බවට පැමිණිලි ලැබුණ බව පොලිසිය පවසයි.
අද අලුයම 2.00 පැමිණ පිරිසක් මෙම නිවසේ හිමිකරු බව කියන පුද්ගලයා සමග තර්ජනය කර ගැටුම්ක් ඇති අතරගෙන එම පවුල පදිංචි ඉඩමින් පන්නා දමා ඔවුන් පදිංචිව සිටි කන්ටේනරය ද බලහත් කාරයෙක් රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා ඉහත සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා එම ඉඩමේ තිබු කන්ටේනර් පෙට්ටිය ඉවත් කර අලුත් කන්ටේනර් පෙට්ටියක් එහි ගෙන ගොස් සැකකරුවන් තිදෙනකු එහි පදිංචිව සිට ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් මෙම ඉඩමේ තිබී රැගෙන ගිය කන්ටේනරය දෙමටගොඩ කැටවලමුල්ල ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක රඳවා තිබියදි ඊයේ පස්වරුවේ පොලිසිය සොයාගෙන ඇත.
එම කන්ටේනර් රථය ප්‍රවාහන කර එම ස්ථානයේ දැමීම සම්බන්ධයෙන් ද සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයක් ඇති බවට සැකකරන දකුණු පළාත් පුවත් මැවූ නගරාධිපතිවරයාගෙන් ද ඉදිරියේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරාධිපතිවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්නවා විතරද?
දැන් රටේ ත්‍රස්ත ක්‍රියාවලට දේශපාලන ක්‍රියාකාරීන් නොගෑවුණු තැනක් නැහැනේ... මේ අතරින් ඉඩම් කොල්ලය කැපී පෙනෙන හැඩයි.