IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කදුරට ජනතා පෙරමුණේ සහය සජිත්ට

(රංජිත් රාජපක්ෂ )

කදුරට ජනතා පෙරමුණේ සහයෝගය ජනාධිපති අපෙක්ෂක වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට  ලබාදිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තිරණය කර ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ  හැටන් සහ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසල් වල 2023 වසරේ පැවති පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත් සහ තිළිණ ලබාදිමේ උත්සවයකට සහභාගි වෙමිණි.

මෙම උත්සවය හැටන් කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්විණ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ තම පක්ෂයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට තිරණය කිරිම සම්බන්ධයෙන් නිල ප්‍රකාශය මේ මස (08) දින ප්‍රකාශයට පත් කරන බවයි.



අදහස් (4)

කදුරට ජනතා පෙරමුණේ සහය සජිත්ට

Nilantha Sunday, 04 August 2024 12:54 PM

රාධාක්‍රිෂ්ණාන් කොහොමත් හිටියේ රනිල් එක්කනේ... !

:       1       1

Ruwan Sunday, 04 August 2024 01:17 PM

තව සතියකින් විතර කියයි රනිල්ට කියල.ඊට පස්සෙ අන්තිමට මාලිමාව දින්නම කියයි අපේ සහය මාලිමාවට කියල.ඒ ජාතියෙ බඩු.වාසියට ගෙම්බො වගේ එහාට මෙහාට පනිනවා.ස්ටේජ් නගිනවා.ලැජ්ජාව කියල දෙයක් ගෑවිලවත් නැති ගන්ධබ්බයො

:       2       6

අජිත් Sunday, 04 August 2024 01:43 PM

npp යට සහයෝගය දෙන්නේ නැති එවුන් ඔක්කොම ලජ්ජා නැති එවුන්, ගන්දබ්බයෝ ,හරක්. අනේ කාලකන්නියෝ

:       5       11

Athula Sunday, 04 August 2024 02:13 PM

ඔව් උඹලා හැමදාම ඔය අසරණ මිනිසුන්ගේ චන්ද ගොඩ වෙන්දේසි කර කර තක්කඩින්ට තල්ලුව දීල තොපේ සුඛවිහාරණය සලස්වා ගනිල්ලා වල් හැත්ත

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site