
(රංජිත් රාජපක්ෂ )
කදුරට ජනතා පෙරමුණේ සහයෝගය ජනාධිපති අපෙක්ෂක වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තිරණය කර ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.
වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් සහ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසල් වල 2023 වසරේ පැවති පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත් සහ තිළිණ ලබාදිමේ උත්සවයකට සහභාගි වෙමිණි.
මෙම උත්සවය හැටන් කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්විණ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ තම පක්ෂයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට තිරණය කිරිම සම්බන්ධයෙන් නිල ප්‍රකාශය මේ මස (08) දින ප්‍රකාශයට පත් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාධාක්‍රිෂ්ණාන් කොහොමත් හිටියේ රනිල් එක්කනේ... !
තව සතියකින් විතර කියයි රනිල්ට කියල.ඊට පස්සෙ අන්තිමට මාලිමාව දින්නම කියයි අපේ සහය මාලිමාවට කියල.ඒ ජාතියෙ බඩු.වාසියට ගෙම්බො වගේ එහාට මෙහාට පනිනවා.ස්ටේජ් නගිනවා.ලැජ්ජාව කියල දෙයක් ගෑවිලවත් නැති ගන්ධබ්බයො
ඔව් උඹලා හැමදාම ඔය අසරණ මිනිසුන්ගේ චන්ද ගොඩ වෙන්දේසි කර කර තක්කඩින්ට තල්ලුව දීල තොපේ සුඛවිහාරණය සලස්වා ගනිල්ලා වල් හැත්ත