(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා මැදිහත්වන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද (7) ඉල්ලීමක් කළහ.
මෙම ප්‍රහාරය පසුපස ඇති සත්‍යය සොයා ගැනීම වෙනුවෙන් ක්‍රමවේදයක් සැලසුම් කිරීමට සහය වන ලෙස ද කාදිනල්තුමෝ මෙහිදී ඉල්ලා සිටියහ.
මෙම ප්‍රහාරයෙන් සිදුවූ සමූල ඝාතනය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බව මුලින් ප්‍රකාශ වුවත්, ඉන් අනතුරුව සිදු වූ විමර්ශනවලදී එය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බව අනාවරණය වී ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
කොළඹ අගරදගුරුතුමන් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මානව හිමිකම් සැසිවාරය වෙත මෙම ප්‍රකාශය කර ඇත.
මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කළ, පාස්කු දින ප්‍රහාරයට අදාළ සාක්ෂි රැස්කිරීම ඉදිරියට කරගෙන යන ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවල්වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව කී කාදිනල්තුමෝ එම අපරාධය සිදුවී වසර තුනක් යන තුරුත් එහි සත්‍ය හෙළිනොවීම අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය වූ අවස්ථාවක් බව ද පැවසූහ.
කතෝලික සභාව මෙන්ම මේ පිළිබඳ සත්‍යය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලීම් කළ ද වින්දිතයින් හට යුක්තිය ඉටු කිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී ඇතැයි කාදිනල්තුමෝ සඳහන් කළහ.
මෙම ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සහ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ උත්සාහයන් දක්නට ලැබෙන බව කී කොළඹ අගරදගුරුතුමෝ එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරුදින සැබැවින්ම සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව තවමත් අඳුරේ සිටින්නට සිදුව ඇතැයි ද පැවසූහ.
ශ්‍රී ලංකාවේදී 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් දරු දැරියන් 82 දෙනකු සහ රටවල් 14 කට අයත් විදේශිකයින් 47 දෙනකු ඇතුළු 269 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, 500 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද කාදිනල්තුමෝ මෙහිදී වැඩිදුරටත් කියා සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කාදිනල්තුමෝ යූ.එන් අමතති