(හර්ෂණ තුෂාර සිල්වා)
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝගේ විශේෂ නියෝජිතයකු වූ වතිකානයේ අති උතුම් ප්‍රනාන්දු කාදිනල් ෆිලෝනි හිමිපාණෝ අද (22) කොටහේන, කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ ආශීර්වාද වැඩසටහනකට එක්වූහ.
අති උතුම් ප්‍රනාන්දු කාදිනල් ෆිලෝනි හිමිපාණන්ගේ ප්‍රධාන්තවයෙන් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට ගොදුරු වූ එක් ස්ථානයක් වූ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී බෝම්බ ප්‍රහාරවලින් විපතට හා තුවාල ලැබුවන් වෙනුවෙන් ආශීර්වාද වැඩසටහනක් ද පැවැත්විණි.
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ කෞතුකාගාරය, දාන ශාලාව හා රථගාල ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමට ද අති උතුම් ප්‍රනාන්දු කාදිනල් ෆිලෝනි තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
වරාය අධිකාරියට අයත් අක්කර හයක ඉඩමක දේවස්ථානය පුළුල් කරමින් එම ඉදිකිරීම් කෙරෙන අතර නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඊට මූල්‍ය අනුග්‍රහය දක්වයි. නාවික හමුදාව ඉදිකිරීම් සිදුකරයි.
ඉන් අනතුරුව ප්‍රනාන්දු කාදිනල් ෆිලෝනි හිමිපාණෝ කොටහේන, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණය කළ අතර මරාගෙන මැරුණු බෝම්බකරු බෝම්බය පුපුරුවා ගත් ස්ථානයට ද ගියහ.
අවසාන වශයෙන් කාදිනල් ෆිලෝනි හිමිපාණෝ විපතට පත් දරුවන් හා පිළිසඳරක ද නිරත වූහ.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, අපෝස්තලික තානාපති පියරේ න්ගුයෙන් වැන් ටොට් අගරදගුරුතුමා, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු ආගමික අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුන් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරාය අධිකාරියට අයත් අක්කර හයේ වටිනාකම කොපමණද? අපි ලෝකයට ණයවී මුහුද ගොඩකරන්න හදන්නේ සංවර්ධනය නම් ඒවාට මෙම භූමිය ගන්න තිබුනේ නැද්ද? මෙහෙම යනකොට හිතෙනවා පාස්කු දවසේ බෝම්බ ගැසුවේ වෙනත් බලවේගයක්ද කියලා..