(ඉන්දිකා රාමනායක)
කඳාන ප්‍රදේශයේ පදිංචි මස් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඉකුත් දා වෙඩි තබා, ඔහු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට සැඟව සිටීමට මහව ප්‍රදේශයෙන් නිවසක රැකවරණය ලබා දුන් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි.
මොවුන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විමර්ශනයක් සිදුකර කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (9)සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන කඳාන පොලිසියට බාර දී ඇත.
මෙම සැකකාරිය සැකකාරියන් මහව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 සහ 41 වයස්වල පසුවන්නියන් බවත් ඔවුන් අද (10) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd