(අංජුල මහික වීරරත්න)

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ජෙනරාල් එච්.එස්.එච් කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබෙි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  වසර පහක කාලයක් සඳහා මෙි පත් කිරීම සිදු කර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජෙනරාල් කෝට්ටේගොඩ මහතා වෙත ලිපියක් යවමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල  තනතුර පිළිගෙන බාර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.