(ඩයනා උදයංගනී)
දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් සඳහා ලබන සඳුදා (29) දක්වා නිවාඩු ලබාදෙන බව කතෝලික පාඨශාලා සාමාන්‍යාධිකාරී අයිවන් පෙරේරා පියතුමා පැවසීය.
රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කළ බව අයිවන් පෙරේරා පියතුමා සඳහන් කළේය.
රජයේ පාසල් සඳහා ද අද (22) සහ හෙට (23) දිනයන්හි නිවාඩු ලබාදී ඇති අතර නිවාඩුව තව දුරටත් දිගු කළ යුතු ද යන්න ගැන හෙට (23) දිනයේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආරක්ෂාව තහවුරු කරන තුරු සියලුම පාසල් විවෘත නොකළ යුතුයි. දරු පැටවුන් රැක ගැනීම රටේ වගකීම. ඒ රටේ අනාගතය
ඇයි කතෝලික පාසැල් විතරක් වසා තබන්නේ ? අනිත් පාසැල් වල දරුවන් බෝම්බවලට ඔරොත්තු දෙන ඇදුම් ආයිත්තම් ඇදගෙනද ඒ ඒ පාසැල් වලට යන්නේ ???
මේ අවස්ථාවේදී රටේම ආරක්ෂාව ගැන හිතලා වැඩ කලයුතුයි
රජයේ පාසල් වලටත් කතෝලික දරුවෝ යනවා. අනික කොයි දරුවොත් දරුවෝ. බෞද්ද අපිත් පල්ලි වලට යන අවස්ථා තියෙනවා. එහෙම ගිහින් මැරුණ බෞද්ද අයත් එතන ඇති. අනික මේක ජාති ආගම ප්‍රශ්න කර නොගෙන මේ ප්‍රශ්න මර්දනය වනතුරු දරුවන්ට නිවාඩු දෙන්න.