
(අංජුල මහික වීරරත්න)
රෝහල් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් වෙනුවට, පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් හැදීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය දායකත්වයෙන් කතරගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කීය.
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුව කතරගම ප්‍රදේශයේ ජනතාවගේ සහ දෛනිකව කතරගම පූජාභූමිය වෙත සංචාරය පැමිණෙන දෙස් විදෙස් බැතිතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීම සඳහා රුපියල් මිලියන 33 ක වියදමකින් මෙම නවීන පහසුකම්වලින් යුත් නව වාට්ටු සංකීර්ණය ඉදිකර ඇත.
මෙම වාට්ටු සංකීර්ණය සූතිකාගාරයක් සහ සාමාන්‍ය ඇඳන් 47 කින් සමන්විත වන අතර, නවීන වැසිකිළි පද්ධතියක්, ප්‍රසූතාගාරයක් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා කාමර පද්ධතියකින් ද යුක්ත වේ.

2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කතරගම දෙවොලෙන් කතරගම ප්‍රා:රෝහලට වාට්ටු සංකීර්ණයක්