
(කේ ඩි දේවප්‍රිය)
කතරගම ඉන්ධන හළක සේවකයන් පිරිසක් හා කතරගම නගරයේ ව්‍යපාරිකයන් පිරිසක් එක්ව ජනයාට ලබා දීමට ඇති ඉන්ධන හොර රහසේ බැරල් සහ ටැංකි වෙත ලබා ගන්නා අයුරු ලංකාදිප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි.
මෙම ඉන්ධන හලේ ඉන්ධන පවතිද්දිී ඉන්ධන අවසන් කියා පවසා පසුව ජනයා නික්ම ගිය පසුව රාත්‍රි කාලයේ දී ලිටර් 1000 වැනි ප්‍රමාණයේ ජල පුරවන ටැංකි සහ බැරල් පටවා ගත් ට්‍රක් රථ වෙත විශාල ලෙස ඉන්ධන පුරවමින් මෙම ජාවාරම සිදු කරති.
මෙසේ ලබා ගන්නා ඉන්ධන වන්දනාකරුවන්ට සහ කතරගම ජනයාට වැඩිමිල විකුණන බව කියති. මහජනයා පෝලිම් වල ඉන්ධන ගැනීම පැය ගණන් සිටියත් පසුව ඉන්ධන නෙමැතිව හිස් අතින් පිටව යෑම දැක ගතහැකිය.
මෙයට අමතරව ගෑස් ද වැඩි මිලට විකුණාති. ගෑස් ටැංකියේ ආවරණ ගලවා හිස් ටැංකි ලෙස හුවා දක්වා නිවසටම රැගෙන ගොස් මෙම ගැස් ටැංකි ද අලෙවි කිරීම සිදුවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා කතරගම වන්දනා කිරීම සදහා අප්‍රේල් 13 පැමිණි අත මෙහි සදහන් ඉන්ධන හලේන් ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටියෙමි පැය තුනකට පසු එඑහි පාලන අධිකාරිය ඉන්ධන අවසන් බව දන්වා සිටියාය නමුත් පසුදින උදේ ඔබ මෙහි සදහන් කරන අක්රමික තාවය මට ද දැනගන්නට ලැබුනි ඊට පසුදින එනම් අද දින නැකැත් වෙලාව වන 10.17 පසු වන තෙක් තෙල් ලබා දිය නොහැකි බව පවසා උදේ 6 සිට මිනිසුන් 10.30 දක්වා පෝලිමේ රදවා තැබීමට තරම් දුෂ්ට සහ අකාරුණික විය තෙල් සන්ස්තාවේ නීති රීති අනුව එසේ කල හැකිදැයි අදාල බලධාරියෙක් උත්තර සපයන්න