
(කේ.ඩී.දේවප්‍රිය සහ එම්.කේ.නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රවලට පමණක් මුල්තැන දෙමින් සිදු කිරීමට අද පැවැති විශේෂ සාකච්ඡාවේදී තීරණය කළ බව මොනරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතා පවසයි.
රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇසළ මංගල්‍ය බැතිමතුන්ගෙන් තොරව හුදකලාව චාරිත්‍රවලට පමණක් කිරීමට එම සාකච්ඡාවේ දි එකඟවී ඇතැයි වාර්තා වෙයි.
පාද යාත්‍රාව සිදු නොකර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත සෞඛ්‍ය උපදෙස් පරීදි ඇසල මංගල්‍ය සිදු කිරීමට කටයුතු යොදා ඇත
ජූලි 10 වැනි දින සිට ජූලි 23 දින අවසන් මහා පෙරහර පවත්වා 24 වැනි දා දිය කැපීමෙන් ඇසළ පෙරහර අවසන් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිය කපන්නේ කෙසේද? භික්ෂුව ද කරන මිථ්‍යා වැඩනිසා බුද්ධාගම යටයයි...
අපේ සංස්කෘතියට කොරෝනා මුවාවෙන් දුන්නු ගේම.. ඔය කියන්නේ හැමදෙයක්ම ඔන්ලයින් කරන්න කියලා. එතකොට සල්ලි යන්නේ අන්තර්ජාල ආයතන වලට. අනේ මෙහෙමත් ගොන්නු ඉන්න රටක්..