IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොත්මලේ ඩන්සින්න වත්තේ කොටසක් හුදෙකලා කරයි

( රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමට අයත් ඩන්සින්න ග්‍රාමසේවා වසමේ ඩන්සිනන් වත්ත මැද කොටස අද (01) උදැසන සිට හුදකලා කල බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසිය.

හුදකලා කල ඩන්සිනන් වත්ත මැද කොටසින් ගත වු මාස දෙකක කාලය තුල අසාදිතයන් 100 කට ආසන්න පිරිසක් හමු වි ඇති බවත්, අවසන් වරට එම කොටසින් අසාදිතයන් 06 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ මැද කොටසේ 100 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කර ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.

කොත්මලේ ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය කර ඇති බවත්,දැනට කොත්මලේ ඩන්සිනන් වතු යායෙන් පමණක් අසාදිතයන් හමුවිම නිසා ස්වයං නිරෝධානයට යොමු කර සිටින පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමෙන් පසු හුදකලා කල එම වතු යායේ කොටස සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නා බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.

 



අදහස් (0)

කොත්මලේ ඩන්සින්න වත්තේ කොටසක් හුදෙකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31377 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13618 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1034 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site