IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොත්මලේ ජලාශයේ මළසිරුරක්

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

ජලාශයේ වාන් දොරටු පිහිටි ප්‍රධාන වේල්ල සමීපයේ මෙම මළසිරුර රැඳී ඇති බවත්, එම සිරුර මුණින් අතට වැටී ඇති බැවින් කාන්තාවකගේ ද, පිරිමි පුද්ගලයෙකුගේ ද යන්න නිශ්චිතව සොයා ගැනීමට අපහසුව ඇතැයි පොලිසිය කියයි.

ජලාශයේ අපද්‍රව්‍ය එකතු වන ස්ථානයේ අපද්‍රව්‍ය අතරේ රැඳී ඇති මෙම මළසිරුර සම්බන්ධයෙන් පොලිසිය නුවරඑළිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ගොඩ ගැනීමට නියමිතව තිබේ.

ජලාශයෙන් ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා මළසිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බව පොලිසිය කියයි.



අදහස් (0)

කොත්මලේ ජලාශයේ මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site