IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


කතානායකවරයා 20 වැනි සංශෝධනයට අත්සන් තබයි

(ඩයනා උදයංගනී)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) අත්සන් තැබීය. 

ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.

විසි වන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලමේන්තුවේ දී ඉකුත් 22 දා සම්මත විය .

20වන සංශෝධන පනත් කෙටුම්පත සඳහා පාර්ලමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 11.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අත්සන් සහතිකය සටහන් කිරීම සිදු කළ බව පාර්ලමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එම අත්සන් තැබීමේ  අවස්ථාවට පාර්ලමේන්තුවේ නියෝජය  මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය.

 



අදහස් (9)

කතානායකවරයා 20 වැනි සංශෝධනයට අත්සන් තබයි

siri Thursday, 29 October 2020 09:25 AM

හෙට ඉඳල මල්වෙඩි බලන්න දත් කාගෙන හිටපු අයට පුස් වෙඩි බලන්න වෙයිද දන්නේ නෑ.

:       2       15

De Thursday, 29 October 2020 09:50 AM

හුරේ... රටත් ගොඩ, අපිත් ගොඩ, සර්ලත් ගොඩ.

:       1       11

rana Thursday, 29 October 2020 10:24 AM

තායිලන්ත රජයට එරෙහිව තරුණ විරෝධතාකරුවන් වීදි බැස ඇත. පසුගිය සති කිහිපය පුරා පවතින රාජාණ්ඩු පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන් තායි තරුණයන් ගෙනයන අඛණ්ඩ උද්ඝෝෂණ මාලාව මේ වන විට යම් ප්‍රචන්ඩකාරී ස්වභාවයක් ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැඩි මධ්‍යගත පාලන ක්‍රමය මුළුමනින්ම වෙනස් කිරීම, ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම හරහා ජනතා නියෝජනය තවදුරටත් ඉහළ දැමීම, ආණ්ඩුව විසින් විකල්ප මතධාරීන් මර්දන කිරීම නැවැත්වීම විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම් අතර වේ. අනේ ඒකට අපේ ඇයො !! සිංහලයාට කවදා මොලේ පෑදෙයිද ?

:       4       22

chandanaThursday, 29 October 2020 05:08 PM

බෞද්ධ තායිලන්තයෙන් බෞද්ධාගම අතුගා දැමීමේ සමස්ථ ක්‍රියාදාමය තුල ජාතියක්, ජන්මයක් නොහඳුනන තරුණයන්ව පහසුවෙන් ග්‍රහණය කරගෙන එම ක්‍රියාදාමය සෑහෙන දුරට සාර්ථක කරගනමින් සිටී. අපේ රටටද සමාජ මාධ්‍යය යොදාගනිමින් සිදු කරන්නට උත්සාහ කරන්නේ එම තත්වයමය. අපේ රටේ විකෘති මානසික තරුණ පිරිසක් සිටියද එය අභිබවා රට, ජාතිය හා ආගමෙන් ඔද වැඩී ගිය ජවසම්පන්න තරුණ සමාජයක් සිටී. අපේ රටේ වාසනාව වන්නේ කාලකන්නි ඊනියා විකෘති සුළුතරය පරදා නැගී සිටීමට තරම් යහපත් මානසික තත්වයකින් හෙබි තරුණ පිරිස තවමත් බහුතරය ලෙස නැගී සිටීමය. එහෙත් රට, ජාතිය, ආගම ගැන හැඟීමක් නැති සමාජයක් බිහිකිරීමේ නොනිමි ආශාවකින් පෙලෙන්නවුන් හැමවිටම නිහඬවම සක්‍රීයව ඒ සඳහා දායක වෙමින් සිටී. යහපාලන, සාධාරණ සමාජ, සමරිසි සංහිඳියා යන අලංකාර එහෙත් වංචාකාරී සංකල්ප වරින්වර ඇතිවන්නේ ඒ සඳහාය.

:       9       4

අතුල Thursday, 29 October 2020 11:42 AM

සිරි ලංකාවේ අවසානයක ආරම්භය. අතීතයට වඩා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉතා ඉහල මට්ටමක තියෙනවා. කොතරම් සත්‍යය හංගන්න උත්සාහ කලත්, සත්‍යය "සත්‍ය වශයෙන්ම දැනගැනීමට අවශ්‍ය අයට" එම අවස්තාව තියෙනවා. බලෙන් ලබාගන්නා ලද බලතල නිසි අයුරින් ක්‍රියාත්මක නොකලහොත්, අනවශ්‍ය අයුරින් මහජනතාව පීඩාවට පත්වුවහොත්, කවදාහෝ දිනයක "පාලකයන්ට එරෙහිව මහජන නැඟීසිටීමකට" ඇති හැකියාව බැහැර කල නොහැක. එය විශාල අභාග්‍යයකි.

:       3       15

pradeepa Thursday, 29 October 2020 02:12 PM

රිෂාඩ් සහ රකීම්... දුන්නු සහයෝගය කිසිදා අමතක කරන්න බැහැ. එයාලා තමයි 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකළේ. ඔබලාට අපි ණයගැතියි. අපේ ආණ්ඩුව ඔබලා ඉල්ලන ඔනෑම දෙයක් දීමට ලෑස්තියි...

:       2       9

chandima Thursday, 29 October 2020 02:53 PM

දැන් ඔකෙන් අර ජේ.ආර්. ට බැරිවුණු ගැහැණියක් පිරිමියෙක් කරන වැඩෙත් කරන්න පුළුවන්ද?

:       1       9

Kumara Thursday, 29 October 2020 05:20 PM

අයියෝ... පුතාණෝ...!!!

:       9       3

Chandima Friday, 30 October 2020 09:59 PM

ඇත්තටම කතානායක නේද අත්සන ගහන්නේ? මුහුණ වහගෙන වෙන කෙනෙක් දාලා අත්සන් ගහන්නේ නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site