
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මීට ස්වල්ප මොහොතකට පෙර පැවසුවේය.
කථානායකවරයා විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන හෙයින් විශ්වාසභංග යෝජනාවක් මෙසේ ගෙන එන බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව භාරගත නොහැකි බවට කතානායකවරයා ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒ විශ්වාසභංගේ බාර දෙන්නේ කාටද ?
ඇයි කතානායක විතරක් 159 දෙනාවයි ජනාධිපතිවයි ඔක්කොම එකතු කරලා ගෙදර අරින්නකෝ පුළුවන්නම්
ගොඩ එන්න ඕනෑ නම් ඕගොල්ලන්ගේ නායකයාට විරුද්ධව මොනවා හරි ගෙනැල්ලා පක්ෂෙ හදාගන්න, මෝඩ චූන් නැතුව.
වැඩ නැති විපක්ෂයකට කරන්න පුළුවන් විශ්වාස බංගයක් ගේන එක විතරයි....
පවුල් පාලන ආණ්ඩුව කාලේ හිටපු කතානායකයා හරියට පොළී මුදලාලියා වගේ, ඒකපාක්ෂිකව වැඩ කරපු ,දූෂිත දේසපාලුවෙක්.එතකොටත් විශ්වාස බන්ගයක් ගේන්න නේ තිබුනේ?