
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදෙන ලදයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගියහ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසුවේ කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කාලය නොදී ඒකාධිපතිවරයකු ලෙස හැසිරීම නිසා ඊට විරෝධය පළ කරමින් සභාගර්භයෙන් මෙසේ පිටව ගිය බවයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද දවස පුරාම සභා ගර්භයට නොපැමිණෙන බව ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියෙම ඉදපල්ල කරදර නොකර, බොහොම ස්තුතියි.
මේ දයාසිරි පාර්ලිමේන්තු සම්ප්‍රදායට කාළය නාස්ති කරන මහා හිසරදයක්. එක ඡන්දයක්වත් නැති පක්ෂ වලින් පක්ෂ වලට පැන පැන යන බංකොලොත් චරිතයක්.අනික කට අරියෝත් කියන්නේ පාට්ට පල් බොරුවක්. මොනවට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යැවූ වද මන්ද???
උබල නම් හැමදාම පාර්ලිමේන්තුවට නාවත් කමක් නැහැ. රටට වැඩකුත් නැති පක්ෂයට වැඩකුත් නැති ගෙදරට වැඩකුත් නැති අපතයන්.
ඕකුන් උන්නා කියලත් ඉතින් වැඩක් නැහැනේ ලොකු සද්ද කරනවා ඇරෙන්න
කෑකෝ ගගහා බෙරිහන් දෙන බාධා කරන ඔය අපතයෝ නැති තරමට හොඳයි.
මේ යුද්ධය සම්බන්ධයෙන් අප වැනි නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටකට දැනට අවශ්‍යතාවයක් නැහැ .ඇරත් සාමයෙන් කටයුතු කරන්න කියා කරන ඉල්ලීම හැර අපට කල හැකි දෙයක් නැහැ
ඇති යන්තම් මළ කරච්චලේ ඔහොමම එලියට වෙලාම සහභාගි නොවීම ඉන්න. අපේ ලේ කෝප වෙන එකක් නැහැ විපක්ෂේ ගොන් කතා අහලා.
නයි මුගටි එකතු වෙලා කොළඹ බලය අල්ලගන්න බැරි වුණු ලැජ්ජාවට මාරුවෙන්න ඇති.
ඉරාන ඊශ්‍රායෙල් යුද ගැටුම ගැන ලංකාවේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවාට වඩා හොඳයි නේද ඒ රටවල් දෙකට ගිහින් ඒ රටවල නායකයන් සමඟ සාකච්ඡා කරා නම්...!
දැන් ඉතිං කනක් ඇහිලා ඉන්න පුළුවන්. විපක්ෂය අංගොඩ මානසික රෝහලට දැම්මා නම් තවත් වටිනවා...