
(අංජුල මහික වීරරත්න)
කථානායක අශෝක රන්වල මහතාගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර තිබූ ආචාර්ය උපාධි නාමය අද(10) දින වන විට ඉවත්කර ඇතැයි ද මෙම කාරණයට පිළිතුරක් දෙන්නට නොහැකි නම් කථානායකවරයා වහාම ඉල්ලා අස්විය යුතුව ඇතැයි ද හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍ය හමුවක දී පැවැසුවාය.
කථානායකවරයා පශ්චාත් උපාධිය කළ බව කියන ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ එවැනි තැනැත්තකුගේ නමක් සඳහන්ව නැතැයි කී අතුකෝරල මහත්මිය මේ අනුව බලන විට මාලිමාවේ මහාචාර්යවරු ආචාර්යවරු ඇත්තම උදවියද කියා සාධාරණ සැකයක් ඇතිවෙන බවද සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ තලතා අතුකෝරළ මහත්මිය මෙසේද කීවාය.
අවුරුදු හැත්ත හයක් තිස්සේ රට පාලනය කළ පක්ෂ විසින් මේ රට විනාශ කළ බවට ජාතික ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මතයක් ගෙන ගියා.ඒ අනුව පාර්ලිමේන්තුව සුද්ද කරන්න ජනවරමක් ඉල්ලුවා. අද වන විට මේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකවරයා පිළිබඳ විවිධ ප්‍රවෘත්ති පළ වෙමින් තිබෙනවා.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ උපාධි අධ්‍යාපන සුදුසුකම් ආදිය පළ කෙරෙනවා. මුලින්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන්ව තිබුණේ ආචාර්ය අශෝක රන්වල යන නමයි.නමුත් අද වන විට කානායකවරයාගේ නම ඉදිරියෙන් තිබූ ආචාර්ය යන වචනය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගැලවී තිබෙනවා.
මෙම මාධ්‍ය හමුවට සමාජ ක්‍රියාකාරීනී ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය ද සහභාගී වූවාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක පාර්ලිමේන්තුවේ කට්ටිය බලාගනියි. පැරැදිලා නන්නත්තාර වෙච්චි කට්ටිය පාඩුවේ පැත්තකට වෙලා හිටියා නම් හොඳයි....!
කලින් ආණ්ඩුවලත් මොකක් හරි මගෝඩි සංවිධානයකින් උපාධි ගත්තු පිනාචාර්යලා හිටියා. හැබැයි ඔවුන් හිටියේ දේශපාලන කුලී වැඩ කරන පාර්ලිමේන්තු අපතයෝ හැටියට. සුපිරිසිදුයි කියපු මාලිමා ආණ්ඩුවේ ලොකුම පුටුවක් හොරාචාර්ය කෙනෙකුට දීලා උගතෙක් කියලා කයියත් ගැහුවා. මේ ගොනානායක අර මෙට්ටහච්චි අක්කා වගේ අවබෝධයෙන් මේ බොරුව කිව්වද දන්නේ නෑ.
මෑතකාලයේ ඕනෑතරම් O/L සමත්නැති ආචාර්යයවරු කැබිනට් ඇමැතිකම් දැරුවේ... මෙයා එතකොට නිදාගෙනද හිටියේ?
කථානායකතුමාගේ උපාධිය බලන්න හදිසිය තියෙන්නෙ කුපාඩින්ට...!
අපි පිහිටුවන ආන්ඩුවේ හොරු, බොරු, වංචාකාරයෝ නෑ කියලත් කිව්වා. පාර්ලිමේන්තුවේ ප්‍රධානියාම එහෙම කෙනෙක්. එන්න අපි එක්ව ගයමු. අද මුළු රට එක මිටකට...
හොර, බොරු, වංචා නැති මාලිමාව. කමක් නැහැ... තනියම දොර ඇරගන්නවානේ...
විලිලැජ්ජාවේ බෑ.. දැන් හරිණි අමරසූරිය මේ පිළිබඳව ප්‍රකාශයක් කළ යුතුයි. මේ පල් හොරාව කතානායක කළේ හරිණි අමරසූරියගේ යෝජනාවෙන්...
මෙයට අවුරුදු පනහකට හැටකට පමණ පෙර ගම්බදව පාසල්වල එක්තරා පිරිසක දරුවන්ට ආචාරියා කියන අවස්ථාවන් තිබුණා...
තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය කාටද ලැබුණේ කියලා දන්නේ නැහැ. නමුත් කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කෙකර ගානවා...!
මේ ආණ්ඩුව බොරුවේ ප්‍රතිමූර්තිය වගේ. මිනිස්සු මොවුන්ට ඡන්දෙ දුන්නේ ඒ බොරුවල තියෙන තාවකාලික මායාවට චූන්වෙලා. දැන් ඡන්දේ දීපු අයට තියෙන්නේ මෙයාලා කියපු බොරුවක් අහගෙන ඒකට රැවටීගෙන ඉතුරු අවුරුදු 5 ඉන්න එක...!
කියමනක් තියෙනවා... ආචාරියා රවටා කැත්ත හැදුවා වගේ කියලා ඒ මොකක්ද?
උපාධියක් නැත්තන් නෑ කියලා නිකන් හිටියා නම් ඉවරයිනේ. මොකෝ කතානායක වෙන්න උපාධි ඉල්ලන්නේ නෑනේ. මොනවාද මේ ආණ්ඩුවේ උන්ගේ ලැජ්ජා නැති වැඩ...?
ආණ්ඩුව අපහසු පත්නොකර වහාම ඉල්ලා අස්වෙන්න...!
මෙයාලා කතාකරන්නේ මේ ගොල්ලෝ ගාව ඉන්න ඔක්කොම උපාධිකාරයෝ වගේනේ...?
අනෙක් රජයන් ජනතාව මුලා කළේ බලයට පත්ව වසර දෙක තුනක් ගිය පසුවයි. මේ අය දැන්මම වැඩ පටන් ැරන්... හොර හැතිකරේ...
කවුරු කවුරුත් එක වල්ලේ පොල්. ඔය තරම් බොරුවක් කරන්න තරම් මෝඩ මිනිස්සුත් ඉන්නවාද? කියමනක් තියෙනවා කාගේ හරි අඳුරු අතීතය හාරා අවුස්සා බලන්න ඕනෑ නම් දේශපාලනේ කරන්න කියලා, කනබොන තැනේ සිට මිනිසුන් ඒවා හොයනවා. කොහොම නමුත් වැරැද්දක් කරලා නම් ඒවා නිවැරැදි කරන්න ඕනෑ. බොරුවෙන් පටන්ගන්නා දේ වලට ආයුෂ අඩුයි.
යම් අකටයුක්තක් සිදුවෙලා ඇත්නම් , එයට නිසි කටයුතු සිදුකළ යුතුයි. මේ නෝනා ඡන්දෙන් ඇපත් නැතිව පැරදිලා ගෙදර ගිය කෙනා නේද ? ලැජ්ජා නැතිව අනුන්ගේ දේවල් හොයාන්නනම් දන්නවා
ඔක්කොම හැලිච්ච අයට එකක් හැලීමද වැදගත් විය හැකි බව පෙන්වූ එක් සොඳුරු අවස්ථාවක් ...!...
තලතාට එල්ලෙන්න වැලක් ලැබිලා වගේ.
වෙන වැඩක් තියෙන්න එපායැ පාර්ලිමේනතුවෙත් නැති එකේ .
"ඒත් අපි මාලිමාවට" තේමාව යටතේ ඒකරාශි වී ඇති මාලිමා කුලී හේදුම් බලකායට මේවා ගැටලු නොවේ.
අපටත් ඕක ප්‍රශ්ණයක්, හැබැයි ඔයා ඒක එම විශ්වවිද්‍යාලයෙන් මේ තකහනියේ ඇහුවා කියන එක පිළිගන්න බැහැ, ඔහු මේ ගැන කල් ඉල්ලා තියෙනවා නිසා අපි බලමු. හැබැයි පක්ෂය ඔහු රකිනවා කියල හිතන්න එපා, එහෙම පූර්වාදර්ශ තිබෙන පක්ෂයක් ජවිපෙ
කතානායකවරයාගේ ආචාර්ය උපාධියේ ප්‍රශ්නයක් තියෙනවා බව දන්නවා..එත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ෆයිසර් දාපු එක දන්නේ නැහැ මෙයාලා...
ටිකදවසයිනේ මේ රජය පත්වෙලා. තව ට්ක අවුරුද්දක් යනකොට මේ ප්‍රශ්න විසඳිලා යයි. දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ආචාර්ය උපාධියද. හාල්, පොල් ගැන කීවානම් ටිකක් හරි ආකර්ෂණයක් තියෙනවා ආචාර්ය උපාධියක් ඕනේ නැහැනේ කතානායක වෙන්න. එහෙමනේ.. ඔවා මිනිස්සුන්ට වැඩක් නෑ. අන්න පොහොර ඇවිත්ලු. ඒවා දෙනකන් මිනිස්සු බලාගෙන ඉන්නේ. ආචාර්ය උපාධි මිනිස්සුන්ට කුඹුරු වලට ඉහින්නද.
එන්පීපී මේ ගැන පරීක්ෂණයක් කර එකි පක්ෂයත් නොමඟ යවා ඇත්නම් මොහුව ඉවත් කර ජනතාවට පිළිතුරු බැදිය යුතුයි
මෙය බොරුවක් නම් මාලිමාව වහාම විනය පියවරක් ගත යුතුයි. අමතක කරන්න එපා මාලිමාව විනය අතින් ඉන්නේ ඉහළම තැනක කියා. රාජපක්ෂ නඩේටම හොර උපාධි තිබෙන එක අපට ප්‍රශ්ණයක් නොවන නමුත් මාලිමාව අපිරිසිදු වීම අපිට සහ රටටම ප්‍රශ්ණයක්. ඔවුනුත් අපිරිසිදු නම් මේ රට කරන්නේ කවුද? ඒ නිසා යම් නොමග යැවීමක් සිදුව ඇත්නම් වහාම එය හරිගස්සන්න. අදාල පාර්ශවය ගෙදර යවන්න නැත්නම් එලවන්න.
කලින් පැවති ආණ්ඩුවල කතානායකවරු විතරක් නෙවෙයි ,ජනපතිලා,මැති,ඇමැතිවරුලා ඉහළම සුදුසුකම් තියෙන අය වෙන්ඩැති..රටම හොරාකාලා විනාශ කරපු හැටියෙන්ම පේනවා.
මාලිමාවේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාගේ උපාධි පත් පරීක්ෂා කරන්න ඕනෑ
සජිත්ගෙන් ජපන් ඉගෙන ගෙන ඇති. ජපන් භාෂාවෙන් කතාකරලා විස්තර අහලා...
ජෙබයියෝ වැළලෙන, යනහැටි දැක්කාම හිනා යනවා. මාර ට්‍රයි එකක් දෙන්නේ. ඔය හොර සුදුසුකමක් ඉදිරිපත් කළාට මොකද?
කතානායකට උපාධියක් ඕනේ නැති බව ඇත්ත. හැබැයි නැති ආචාර්ය උපාධියක් තියෙනවා කියලා බොරුවක් කරලා ජනතාව රවට්ටලා තියෙන එකයි ප්‍රස්නේ. විපක්ෂයෙන් කතානායකට විරුද්ධ විශ්වාසභංගයක් ගෙනාවොත් මාලිමාවට ලොකු ගැටළුවක් වෙනවා කතානායක ගේ පැත්ත ගන්න එක...!