
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (16) සටහන් කළේය.
මේ අනුව එම පනත් කෙටුම්පත ඊයේ සිට බලාත්මක විය.
බුද්ධිමය දේපළ පනත්( සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වෙනිදා සම්මතවිය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දැක්වූ භූගෝලීය දර්ශක ලෙස සිලෝන් සිනමන් (Ceylon Cinnamon) වැනි නිෂ්පාදන එනයින්ම ලියාපදිංචි කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් බුද්ධිමය දේපළ පනතෙහි ඇතුළත්ව නොතිබූ බැවින් ඒවා මෙතෙක් ලියාපදිංචිය කරනු ලැබූවේ වෙළෙද ලකුණු විෂය යටතේ සහතික ලකුණු (Certificate marks) ලෙසය.
නව පනත මගින් සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) , සිලෝන් පෙපර් ( Ceylon Pepper), සිලෝන් කැෂු ( Ceylon Cashew) වැනි නිෂ්පාදන ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන අතර මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක්ද ස්ථාපනය කෙරෙනු ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩ බලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ යහපත වෙනුවෙන් නම් කමක් නැහැ. මෙයාලා වැඩියෙන්ම කරගන්නේ තමන්ගේ අයට විතරයිනේ...