(සුජිත් හේවාජුලිගේ )
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේද ආරක්ෂක විධිවිධාන වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා බලකායේ අමතර නිලධාරීහු කණ්ඩායම්ද යොදවනු ලැබ සිටිති.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වීමෙන් පසුව වැඩබලන ජනාධිපති ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතව ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය.
මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලී මුදලාලි බයවෙලා...