
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
කතානායක අශෝක රන්වල මහතා එම තනතුරින් අද පස්වරුවේ ඉල්ලා අස්විය.
ඔහුට ඇතැයි පැවසුණු ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් එල්ල කෙරුණු චෝදනා පදනම් කරගෙන ඔහු එම තනතුරින් මෙසේ ඉල්ලා අස්වී ඇත.
ඔහු කතානායක ධුරයේ කටයුතු කළේ මාසයකට අඩු කාලයකි.
ඊට අදාල ලිපිය පාර්ලිමේන්තුවට යවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කාටත් හොඳ පාඩමක් තමන්ට අහිමි පට්ටම් දාගෙන සිටීමෙන් කවදා හෝ ලැජ්ජාවට පත්වෙන්න වෙනවා. දැන් බලන්න නියෝජ්‍ය කතානායකතුමා මොන තරම් උගතෙක්ද? එයා දැනටම සුදුසුකම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ පිරුණු කළේ දිය නොසැලේ කියන එකනේ...
එතකොට 2/3 බලයෙන් නාමල් කරුණාරත්න සහ වසන්ත පරදනවා යැයි කියපු විශ්වාස භංගයට මොකද වෙන්නේ...?
අනේ මං දන්නා තරමට නම් උපාධියක් ඉවර වුණාම, උපාධි උත්සවයක් තියලා උපාධි සහතිකය දෙනවා (ජපානයේ නම් උපාධිය පටන්ගන්න දවසේම මෙම උත්සවය තියෙන දවස කියලා හරියටම එදාට ඒක දෙනවා). ඉතින් තව මොනවාටද ලියුම් ඉල්ලන්නේ...?
ඔප්පු කරන්න ලියකියවිලි නැත්නම් මොන බම්බුවට ද කැම්පේන් කරන කාලේ ඉඳලා ඒක නමට ඉස්සරහින් දා ගත්තේ. නාන එක නෑවා උණ ගැනෙන්නම. ඊළඟ හොර ආචාර්ය කවුරු වෙන්න හැකිද? හරි නම් මංත්‍රී කමෙනුත් අස්වෙන්න. මෙච්චර දවස් දුන්නේ ඔය කොල කෑල්ල හොයා ගන්න තමයි...!
විශ්වාස භංගයේදී සම්පූර්ණ පැටිකිරිය එළිවෙන නිසා රන්වල ඉල්ලා අස්වුණා. කිව්ව විදියට අනුර දෙන දඬුවම මොකක්ද කියලා ජනතාව බලන් ඉන්නවා.
ඇමැති තනතුරුවලින් අයින් වුණාම ජනපති උපදේශක තනතුරු දීලා වැඩ කරපු පජාත යුගය නිමා කරමින් අනුර ඇතුළු NPP රජයේ මේ ප්‍රවණතාවයට අපේ ආචාරය...
ආත්ම ගෞරවයක් තියෙන දේශපාලනයකට හොඳ පූර්වාදර්ශයක්. හැබැයි ටිකක් පරක්කු වැඩියි. යම් හානියක් NPP එකට සිද්ධ වුණා. ඒ "Justice delayed is justice denied" නිසා.
කතාකලේ කොහොමද? අනිත් සේරම මිනිස්සු හෑල්ලුවට ලක්කරලා. නමුත් තමන්ගේ පක්ශයේ හිටපු මිනිස්සු ගැන හරියට දන්නේ නැහැ.
විශ්වාස භංගයක් ගෙනාවා නම් ආණ්ඩුව තම බලය පෙන්වනවා. ඒත් මේ ගත් ක්‍රියාමාර්ගය සැබවින්ම ප්‍රශංසනීයයි.
මෙය ඉතාමත් හොඳ තීරණයක්... නමුත් අප පාලකයාගෙන් බලාපොරොත්තු විය යුත්තේ දේශපාලන භාවිතාව මිස අන් කිසිවක් නොවේ...
ඔබතුමා අස්වෙන්න තිබුනේ මේ ගැටලුව මතු වූ මොහොතේමයි. ඔබතුමා ඔබගේ පක්ෂයට තඩි කලු පැල්ලමක් එක්කළා. ඔබතුමා කලේ බරපතල වැරැද්දක්, උගතෙකු, බුද්ධිමතෙකු වීමට උපාධි පට්ටම් අවශ්‍ය නැත.
අනිත් ඔක්කොම හොරු කියලා හොයාගත්තා, තමන්ගේ කන්ඩායමේ හිටිය හොරු අල්ලගන්න බැරුව ගියා...
මොනවා වුණත් හොඳ වැඩක් කලින් හිටපු අය මෙහෙම වුණේ නෑනේ..
හොරු දීලා බොරු කාරයෝ ගත්තා වගේ...
වහාම විනය පියවරක් ගත යුතුයි. අමතක කරන්න එපා මාලිමාව විනය අතින් ඉන්නේ ඉහළම තැනක කියා දැනට සහතිකයක් දී ඇති බව. එය අතිබහුතරයක් රටවැසියාද පිළිගෙන ඇති බව. මාලිමාවේත් වංචනිකයෝ ඇත්නම් මේ රට කරන්නේ කවුද? ඒ නිසා යම් නොමග යැවීමක් සිදුව ඇත්නම් වහාම එය හරිගස්සන්න අදාල පාර්ශවය කණට ගසා පක්ෂෙන් එළවිය යුතුයි. රාජපක්ෂ පාදඩයෝ, කුඩු කාරයෝ එතනෝල් කප්පිත්තෝ, කප්පම් කාරයෝ, මිනී මරුවෝ නීති හදන්න දායක වුණු මේ රටේ එම කාර්යය නැවත කිසිම බොරු කාරයෙක්ගෙන් දූෂිත නොවිය යුතුයි. මෙය අපිම (රටවැසියා) රැකිය යුතුයි. මාලිමාව වංචනිකයින්ගෙන් රැකගත යුතුයි.
පුළුවන් නම් ඔයාගේ මූලික උපාධිය හෝ උසස්පෙළ සහතිකය ප්‍රසිද්ධ කරන්න. ඒවත් බොරු බව තමයි සමාජ මාධ්‍යය පවසන්නේ....!
නියෝජ්‍ය කථානායක ගැනත් හොයන්න. විශේෂඥ වෛද්‍ය කියලා ජන්ද අරං දැන් කියනවා උපාධිය තියෙන්නේ පකිස්තානෙන්ලු. SLMC ලියාපදිංචිය තියෙනවාද කියලා හෙව්වොත් හොඳයි.
මොහුට විනය පියවරක් ගැනීම ප්‍රගතිශීලි ආණ්ඩුවක් ලෙස මාලිමාවේ යුතුකමකි. මොහු නිසා මාලිමාවට වූ හානිය සුළුපටු නැත. තවත් මෙවැනි බොරු කාරයෝ සිටී නම් නෙරපා දමා පාර්ලිමේන්තුවේ සුපිරිසිදු බව ආරක්ෂා කර ගත යුතුයි. ජනතාව මාලිමාවෙන් බලාපොරෙත්තු වන්නේ පසුගිය ආණ්ඩුවල ක්‍රියා කලාපයක් නොවේ.
බුද්ධශාසන ඇමති සුනිල් සෙනෙවි මහාචාර්යතුමාගේ ආචාර්ය උපාධිය පේරාදෙනියේලු. ඒකෙ සිංහල අංශයේ ඉන්න ජවිපෙ මහාචාර්ය වරයෙක් සුපර්වයිසර් වුණු නිසා උපාධිය ගොඩ ගියා කියන්නේ හැබෑද?
ඉල්ලා අස්වෙලා කියන්නේ කොහොමද? ඉල්ලා අස්වෙනවා නම් ජනාධිපතිට හා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියට දැන්වීමක් කර තමයි අස්වෙන්න ඕනෑ. මෙහෙම අස්වෙන ක්‍රමයක් නැහැ. එයිනුත් පේන්නේ මොකක්ද කියලා නුවණැත්තෝ සිතත්වා..!
පිස්සු වැඩක් කරගත්තු කෙනෙක්, ඥාණය කියලා දෙයක් නැහැ ඔලුවේ. ඉතින් කොහොමද පට්ටම් ගහන්නේ..? මාලිමාවටත් අනවශ්‍ය හින්දා අපහාස අහන්න වුණා.
නැට්ටෙ ඉඳන් ගොම...!
බොත්තම අමුණාගෙන තොප්පිය දාගත්තු විදිහට මට නම් ඒ වෙලාවේම හිතුණා මෙයා මොන ආචාර්ය උපාධි කාරයෙක්ද කියලා... ඒකෙන්ම නූගත්කම එළියට ආවා...
මෙයා දැම්මෙත් රාජපක්ෂලාගේ මර්සියමයි. සුනාමි සල්ලි හොරකම අල්ලලා දුන්නත් දන්නේ නැහැ කිව්වා. කපුටාගේ මාළිගාව ගැන කපුටාත් කිව්වේ දන්නේම නෑ කියලා. මෙච්චර දෙයක් වෙලත් ආයෙත් ඉතිං මන්ත්‍රී කමේ වත් ඉන්නේ නැතුව නම්බුකාරව අයින් වෙන්න. ජාතික ලයිස්තුවේ කෙනෙක්ට ඉඩ දෙන්න. අනිත් එක මෙයාට කාලයක් යනකල් කථානායක වැඩේ අල්ලාගන්න බැරිවුණා. අර පියන් තමයි හැමදාම ජොබ් එක කලේ. මේ වගේ වැඩබැරි සහ වංචාවකට පාත්‍ර වුණු කෙනෙක් තවදුරටත් මන්ත්‍රී කමේ තියාගන්න එපා. ඒ ඒ වෙලාවට පිරිසිදු කරමින් යමු ඉදිරියට...
අපි මේ ආණ්ඩුව පත් කරගත්තේ ඇහේ ඇනිලා තියෙන පොල් පරාල අයින් කරන්න. ඒත් සමහරු සාධාරණ විවේචන කියලා ඇහේ තියෙන පොල් කෙන්ද ගැන උපහාසයෙන් බලන්නේ...!
එක බොරුවක් වහන්න තව බොරු 100ක් කියන්න වෙනවා.. තමන්ට නැති සුදුසුකම් ඇති බවට මිනිස්සු මුලා කරලා ඡන්දෙ ගත්තේ. ඒ බේගල් ටික අහලා ගම්පහ මිනිස්සු ඉහළින්ම ඡන්දේ දුන්නා. ඔය ගමේ මිනිස්සුම තමයි එක ටෙලි නාට්‍යයක් රඟපාපු පබා, මිරිස් කුඩ්ඩ, ප්‍රසන්න, රන්ජන් පාර්ලිමේන්තු යැව්වේ. ඒ තරමට ප්‍රබුද්ධ ඡන්ද දායකයෝ සෙට් එකක් ගම්පහ ඉන්නේ... මාලිමාව විතරක් නොවෙයි, ගෝඨාභය ඉහළින්ම දිනෙව්වෙත් ගම්පහ මිනිස්සු. ඒ කියන්නේ මේ රටේ විනාසයට වැඩිම වගකීම ගම්පහ මිනිස්සු. දැන් නාමල් කරුණාරත්න, වසන්ත සමරසින්හ කිව්වනේ පුළුවන් නම් විස්වාසභංග ගේන්න කියලා වගේම ඔවුන්ගේ ආචාර්ය උපාදිධාරී කතානායක වෙනුවෙන් පෙනී හිටියා. එහෙම කලේ රෙදි ඇඳගෙනද?
සමාජය නොමග යවමින් බොරුවෙන්, තක්කඩිකමින් තනතුරු දැරීමට පක්ෂ නායකත්වයේ හව්හරණක් නොමැති බව කතානායකතුමා වටහා ගෙන තිබෙනවා. එය විශාල සමාජ පෙරලියක්.. තක්කඩිකම් පිළිබඳව කප් ගසා සිටින විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන මෙම ප්‍රෝඩාව හෙලිකිරීම ගැන අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. දැන් ඉතින් ඒ මනුස්සයාව උල තියන්නවත්, කුරුසේ ඇන ගසා මරා දමන්නවත්, උත්සාහ නොකළ යුතුයි... අනික ඔහු හොර සහතික පෙන්වා නැහැ... ලාංකිකයින්ට ජානවලින්ම එන සමාජ පම්පෝරිය තමයි මේ හෙළිවී තිබෙන්නේ... ආණ්ඩුවේ පමණක් නොවෙයි, තවත් මෙවැනි තක්කඩි උගතුන් රැලක් සිටිනවා ඔවුන්ගේත් පට්ටම් ගලවා ඔවුන්ගේ නිරුවත සමාජයට ප්‍රදර්ශනය කළ යුතුයි..
විශ්වාසභංගයට ගිහින් රෙදි ගලවාගන්නේ නැතිව ඇසුණු එක හොඳයි. නැතිනම් විශ්වාස භංග විවාදේදී ඔක්කොම එළියට එනවනේ... හොරු යවලා බොරු කාරයෝ ගත්තා කියන්නේ මේකට තමයි. තවත් බොරු දොස්තරලා ඉංජිනේරුවෝ ඕකෙ ඉන්නවා.
ECSL Registration or IESL Registration, නැතුව ඉංජිනේරු කියලා පෙනී සිටින අය ඉන්නවා නම් ඉවත් වෙන්න...
රටට, ජනතාවට සේවය කිරීමට ආචාර්ය උපාධි අවශ්‍ය නොවේ. නැති උපාධි පෙන්වීමට ගොස් අපහාසයට ලක්වන වැඩ කරන්නේ මොකද?
හොඳ කණ්ඩායමක් ඉන්නවා කිව්වට ඔක්කොම මේ වගේ බොරු ලේබල් ද මන්දා?
හොඳ වෙලාවට විග් එකේ බොත්තම අනිත් පැත්තට දැම්මේ... නැතිනම් තවමත් ආචාර්ය කතානායක...
මිනිස්සු ප්‍රශ්න කරන්නේ උපාධිය නෙවෙයි, අවංකකම. ඒක තේරුම් ගන්න…. මංත්‍රී කමෙන් ඉල්ලා අස්වෙන්න…
වංචනිකයින් සොයා නැවත පැමිණි ඩෝසරය ආචාරිතුමාව ඩෝසර් කරයි...
බොහෝ විවේචන සාධාරණ වුණත්, මෙයා හොඳ පූරුවාදර්ශයක්... පසුගිය රජයවල් වරදවල් පෙනි පෙනී ඒවා ගණන් ගත්තේ නැහැනේ... මේක රජයේ ඉදිරි ගමන තවත් ශක්තිමත් වෙනවා.
කතානායක ධුරයට නම යොදන කාලේ අගමැතිතුමිය විසින් මේ සම්බන්ධව ඔබතුමියගේ අදහස් කුමක්ද? ජනතාවට කියන්න...
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම. ලෙස මහාචාර්ය පට්ටම භාවිතා කළ හැක්කේ ගෞරව සහිතව විශ්‍රාමලත් (Emeritus) මහාචාර්ය වරයෙකුට පමණි. මොහු එවැනි අයෙක් නොවේ. මොහු දැන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් වූ අයෙක් නිසා භාවිතා කළ හැක්කේ ආචාර්ය පට්ටම පමණි.
මෙතැන උඩ පනින සිලින්ඩර් බයියෝ නම් ඔය අද්යාපන සුදුසුකම් මුකුත් බලන්නේ නැහැ. ඔවුන්ගේ කාව හරි පාර්ලිමේන්තු යවන්න... එක්කෝ මහා එකා කියන කෙනෙක් යවනවා..., නැත්නම් ස්ටේජ් එක වැඩියෙන්ම කෑගහන මිනිහාව යවනවා. චාමර සම්පත්, රෝහිතලාගේ අධ්‍යාපන සුදුසුකම් අහලා බලන්න... ආස හිතෙයි.
පාර්ලිමේන්තු ලේකම් ඉවත් කරන්න.
අනිත් අයට හොරු හොරු ගගා හිටියාට, බලන් යද්දී තමන්ගේ ගේ ඇතුලේත් හොරු පිරිලා. ඉණේ යන්තම් හරි රෙද්දක් රැඳිලා තියනවා නම්, පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලා අස් වෙන්න ඕනේ...!
අස් නොවුණා නම්... අස් කරන හැටි මිනිස්සු දන්නවා.
එක එක රෙද්දවල් අපට ඕනෑ නැහැ. අපිට ඕනෑ අපේ දුප්පත්කම නැතිකර ගන්න...
කෝ මේ සෙනෙවිරත්න?