
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බස් රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානයේ බඳවා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා වන විවාදය අරඹමිනි.
කාන්තා රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානය වන විට බඳවා ගන්නවා. ඒ වගේම මෙට්රෝ බස් සේවය අප පටන් ගන්නවා.බස් ටිකට් එකෙන් මාටියා ගැසීම ප්‍රසිද්ධ දෙයක්.ඒ නිසා කාඩ් ගෙවීම් ක්‍රමයක් හැදීමේ ඉල්ලීම තිබුනා.නොවැම්බර් 30 වන විට දැනට තිබෙන බස් ටිකට් මැෂින් වලින් බැංකු කාඩ් මගින් ගෙවීම් කරන්නට පහසුකම් ලබා දෙනවා.තවමත් පොදු මගී ප්‍රවාහනය තියෙන්නේ නරක තත්ත්වයේ.එය විසඳන්න සැමගේ උදව්ව ලබා දෙන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩ. ටර්න් එක එනකල් කොහේ හරි අස්සක මුල්ලක බස් එක ගාල් කරගෙන ඉන්න ඕන. කාන්තා රියදුරන්ට කොන්දොස්තරලට ඒවගේ තැන්වල ඉන්න පුලුවන්ද ?
යුරෝපේ රටවලත් කාන්තාවෝ බස් පදවනවා කිසිම ප්‍රශ්නයක් නැහැ , ඉදිරියට එන මගී බස්වල ඔටෝ ගියර් , පවර් ස්ටියරින්, වැනි උපාංග තිබෙන නිසා මේක කරන්න පුළුවන් , කාන්තාවෝ වගකීමෙන් යුතුව මත්ද්‍රව්‍ය මත්පැන් පානයෙන් තොරව බස් රථ පදවාවී , අනතුරු අඩු වේවි , හොඳ දෙයක් , කාර්ඩ් මගින් ගෙවීම් කරන පුළුවන් එක හොඳ ප්‍රවනත්වයක් , මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල ටැක්සි මීටර් සවිකොට , අලුතෙන් මගී ප්‍රවහන් සේවයට එකතුවන ත්‍රිරෝද රථ වලට විශේෂ වර්ණයක් සහ රියදුරාට අංකයක් ලබාදීමත් කරන්න ඕනේ දැනට මගී ප්‍රවාහන කටයුතු කරන ත්‍රිරෝද රථ වලටත් එම වර්ණය ලබාදෙන බොඩි රැප් ස්ටිකර් අලවන්න නියම කරන්න. ලංකාවට පුද්ගලික වාහන ආනයන කිරීමේදී අයකරන විශාල බදු මුදල් කෙලින්ම පොදු ප්‍රවාහනය දියුණු කරන්න යොදවන්න. රටක් දියුණු කරන්න නම් අනිවාර්යයෙන් පොදු ප්‍රවාහන සේවය දියුණු වෙන්න ඕනේ .
බැංකු කාඩ්පත් ක්‍රමයට වඩා වෙනත් කාඩ් ක්‍රමයක් යොදා ගත්තොත් හොදයි. එම කාඩ් එක රීලෝඩ් කරන්න හදන්න. තව දෙයක් තමයි බස් ප්‍රමුඛතා තීරුවක් දාලා අධික්ෂණයට ත්‍රිවිධ හමුදාව කිසියම් කාලයකට යොදා ගන්න එක. නිකම්ම මේ ට්‍රැෆික් අඩු කරන්න පුලුවන්
දෙයියන්නේ පිහිටයි, ක්ලච් එකයි බ්‍රේක් එකයි හරියට උගන්නලා ඉන්න. නැත්නම් පටලවාගනියි.
සතුටුයි. දැන්වත් අපේ රට නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාම වැදගත්