(නිමල කොඩිතුවක්කු)
කිතුනු දේවස්ථාන තුළ ලබන ඉරිදා සිට දේව මෙහෙයන් සිදුකරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ආරක්ෂක අංශ සහ දේවස්තාන වල සිටින ආරක්ෂක අංශ කමිටු හා එක්ව ඒ සඳහා වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
එහිදී විශේෂ ආරක්ෂක වැඩපිළිවළක් ක‍්‍රියාත්මක කරන බවත් සඳහන් කළ උන්වහන්සේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසද ක‍්‍රිස්තියානි බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් කෙරෙහි හද තුල බැතිදරාගෙන.. පැමිණිය නමුත් ව්‍යසනයකි සිද්ධ වුණ.. ඉවසන ගුණය හා යුහුසුළු බව මෙදින... ඇවැසිය අපට ලැබගන්නට සැම සහන...
මේ විපත ගැන බොහෝ බික්ෂුන් වහන්සේලාට අවබෝධ වුනේ සිදු වෙමින් තිබුණු දේ ඉතා පැහැදිලිවම පෙනුන නිසයි, එයට ඇහුන්කම් දුන්නානම් මේ විපත් සිදු වෙන්නේ නැ, සිංහල ක‍්‍රිස්තියානි පුජකතුමන්ලා මේ ගැන නිහඩව සිටීමෙන් බොහෝ බික්ෂුන්ට නොයෙක් හිරි හැර වලට පත් වෙන්න වීමයි