(යොහාන් භාසුර)

 

ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තුවක මිල රුපියල් 20 කින් සහ රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් මිල ඉහළ ගිය ද නිරන්තරයෙන් ගන්නා ආහාර මිල ඉහළ දැමීම පිළිගත නොහැකි බවත් එවැනි ආහාරවල මිල පාලනයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවත්ය.

රුපියල් 35 කට මිලදී ගන්නා බිත්තරයක් දමා බිත්තර ආප්පය රුපියල් 150 කට අළෙවි කිරීම අසාධාරණ බව කී අසේල සම්පත් මහතා ව්‍යාපාරිකයන්ට ලාභ ලැබීමට නම් ජනතාවට ගතහැකි මිලකට ආහාර අළෙවිකළ යුතු බව ද සඳහන් කළේය.