
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
මල්වතුහිරිපිටිය ප්‍රදේශයට නුදුරු මහ විදුහලක ආපනශාලාවක තිබිය දී ඉකුත් පස්වැනිදා සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 සහ මත් කරල් 37ක පමණ තොගය ආපනශාලාවේ සඟවා එය පවත්වාගෙන යන කාන්තාව පොලිසියට කොටුකර දීමට සැලසුම් කරන ලද්දක් බවට තොරතුරු පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුහලේ ආපනශාලාවේ මේවා සඟවා කාන්තාව පොලිසියට කොටුකර දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා සහ ඊට හවුල් වූ අය ගැන ද තොරතුරු පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි ද ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙය සැලසුම් කළ පුද්ගලයා සහ ඊට හවුල් වූ අය ද අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මත්කරල් හා අයිස් මත්ද්‍රව්‍ය ආපනශාලාවේ සඟවා එම ආපනශාලාව සෝදිසි කර ඒවා සොයා ගනු ලැබ ඇත්තේ ද ගම්පහ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසියක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
ආපනශාලාවේ කාන්තාව කොටුකර දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා සහ මෙම උපපොලිස් පරික්ෂක සමීප මිතුරන් බව ද දැන ගැනීමට ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
මෙය සැලසුම් කළ පුද්ගලයා කළ බව කියන ඉල්ලීමක් අනුව උපපොලිස් පරීක්ෂක මෙයට මැදිහත් වී ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම උප පොලිස් පරික්ෂක සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් මේ කරන වැඩේ වැරදයි. මේ වගේ කීදෙනෙක් මේ විදියට අහුකරලා දඬුවම් දීලා ඇද්ද.පොලිස් මහතුනේ ඔබලාගේ කීර්තිය නැතිකරන මෙවැනි නිලධාරීන් ගැන සැලකිලිමත් වෙන්න.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා වලදි බොහොමයක් ඒවා පලිගැනීමට හෝ වෙනත් හේතුන් මත සිදු කරන එව්වා බව පැහැදිලියි. කුඩු ටිකක් දාලා ඇතුළට දානවා කියන එක ඉතාම ජනප්‍රිය ක්‍රමවේදයක්. මේවා සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. එකක් අහිංසක මනුස්සයෙක් ඇතුළට යවනවා. දෙවැනි එක නියම ජාවාරමුන් බේරෙනවා.
අපේ රටේ පොලිසිය තඹ දොයිතුවකට විශ්වාස කරන්න බැහැ .ටිරාන්ගෙයි දේශබන්දුගෙයි වැඩ මේවා
ඔය වගේ දේවල් නිසා තමයි රටක මිනිස්සු පොලිසියට දැක්ක දුටු තැන අඩම් තේට්ටම් කරමින් ගහලා මරලා දාන්නේ.
ලංකාවෙ පොලිසියම කියල වැඩක් නැහැ.. දේශපාලකයන්ට කඩේ යන්ඩ් විතරයි හොඳ